Saturday, June 14, 2014

Published 9:16 PM by Indika Marasinghe with 2 comments

මහා සංඝ රත්නය වන්දනා කරන ගාථාව හා එහි සිංහල තේරුම

ගාථාව

සුපටිපන්නෝ භගවතෝ සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො  
සාවකසඞඝෝ ඤයපටිපන්නො භගවතො සාවකසඞ ඝෝ
සාමීචිපටිපන්නො භගවතො සාවකසඞඝෝ
යදිදංචත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ
සාවකසඞඝෝ ආහුනෙයේ‍යා් පාහුනෙයේ‍යා් දක්ඛිණෙයේ‍යා්
අඤ්ඡලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා ති.




 තේරුම

01.සුපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය රාග, ද්වේෂ, මෝහ දුරු කරගැනීම පිණිස සීල, සමාධි, ප‍්‍රඥා සංඛ්‍යාත ති‍්‍රවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙලකට පිළිපන් හෙයින් සුපටිපන්න වන සේක.
02.උජුපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය ඍජු මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට පිළිපන් හෙයින් උජුපටිපන්න වන සේක.


03.ඤායපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමට පිළිපන් හෙයින් ඤායපටිපන්න වන සේක.



04.සාමීචිපටිපන්න ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය මහත් වූ ධර්ම ගෞරවයකින් යුක්තව ඒ ශ‍්‍රී සද්ධර්මයම ලෝකයෙහි පතුරුවා හරින හෙයින් සාමීචිපටිපන්න වන සේක.



05.ආහුණෙය්ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය පුද පූජා ලැබීමට සුදුසු වන සේක. දුර සිට හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසු හෙයින් ආහුණෙය්ය වන සේක.

06.පාහුණෙය්ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය ආගන්තුකයින් වශයෙන් වැඩම කළ කල්හි පවා සිව් පසයෙන් උපස්ථාන කිරීමට සුදුසු හෙයින් පාහුණෙය්ය වන සේක.


07.දක්ඛිණෙය්ය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය මෙලොව පරලොව පින් සලකා ගෙන මහත්ඵල මහානිසංස සලකා ගෙන සිව්පසයෙන් පූජා ලැබීමට සුදුසු හෙයින් දක්ඛිණෙය්ය වන සේක.


08.අංජලිකරණීයය ගුණය
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයාගේ වන්දනා මානනයට ගෞරවාභිවාදනයට සුදුසු වන හෙයින් අංජලිකරණීය වන සේක.


09.අනුත්තර වූ පින් කෙත
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ග ඵල ලාභී උතුම් සංඝරත්නය දෙව් මිනිස් ලෝකයා හට පින් රැුස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර වූ පින්කෙත වන සේක.



      edit

2 comments:

  1. අප හට බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ පැහැදිලි කිරීමෙන් සිදුකරගත් කුසල කර්මය ඔබගේ නිවන් මඟ සාර්ථක වීමට හේතුවේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    ReplyDelete