Tuesday, May 29, 2018

Published 3:04 PM by Indika Marasinghe with 0 comment

අභිධර්මය ඉතා සරලව උගනිමු.

      edit

Monday, April 27, 2015

Published 12:49 PM by Indika Marasinghe with 0 comment

මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද? එහෙමනම් කියවන්න

මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?
එහෙමනම් කියවන්න...

"අතහැරීම 2" අවසාන කොටස

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ නිසයි ඊට ආශාවෙන් කැමැත්තෙන් ගෙදරට ප්‍රේතයෙක්‌ ලෙස උපාදානය ලැබුවා. හැබයි ඔහු ජීවත්ව සිටියදී කුසල් දහම්ද වැඩූ අයෙක්‌. ඒත් මියයන මොහොතේ එම පිංකමක්‌ සිහිකළා නම්, සිහිවුණා නම් නියත වශයෙන්ම ඔහුට සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න තිබුණා. ඔහුට බිරිඳ, දරුවන්, ගේදොර කෙරෙහි ඇති වූ උපාදානය නිසා බැඳීම් නිසා කුසල් සිත් යටපත්ව තණ්‌හාවෙන් තෙත්වුණ සිතක්‌ සකස්‌ වුණ නිසා තමා කැමති වූ, ආශා කළ පරිදිම බිරිඳ දරුවන් සිටින නිවසේම ප්‍රේතයෙක්‌ ලෙස ප්‍රතිසංධිය ලැබුවා. ඔහු කැමති වූ ස්‌වභාවය ඔහුට ලැබුණා. ඔබ හිතනවා ද මේ ප්‍රේත ජීවිතය ඔහුට දුකක්‌ කියලා. නැහැ. ඔහුට දුකක්‌ නැහැ. ඔහු සැපයක්‌ කියලාමයි මේ ප්‍රේත ජීවිතය විඳින්නේ. ඔහු කැමති වූ ප්‍රාර්ථනා කළ දෙයයි ඔහුට ලැබුණේ. ඔහුට අවශ්‍ය නම් ඔහු පුහුණුකොට තිබුණා නම් ඔහු කළ කුසල කර්මයක්‌ සිහියට නගාගෙන මෙනෙහි කොට සුගතියක්‌ ලබන්න අවස්‌ථාව තිබුණා. නමුත් ඔහු කැමති තැන ඔහුට ලැබුණා.

දැන් ගෙදර ප්‍රේතයෙක්‌ වෙලා ඉන්න ස්‌වාමි පුරුෂයාට පිං දෙන්න සත්දවසේ හෝ තුන්මාසේ පිංකම කරනවා. නමුත් ඥාතීන් කිසිවෙක්‌ දන්නෙ නැහැ මළගිය තැනැත්තා කොහේ ඉපදුනාද කියලා. නමුත් ඔහු ඉපදිලා ඉන්නෙ ගෙදරමයි. දැන් ගෙදර ධර්ම දේශනා පිංකමට සූදානම්. පිංකමට මහා පිරිසකට ආරාධනා කරලා. ගෙදර ඇතුලෙ, වත්තෙ පිටියෙ හැම තැනම ඥාතීන්, හිතවතුන්. මේ අයට සංග්‍රහ කරන්න මුළුතැන්ගෙයි කෑම බීම හැදෙනවා, කට්‌ලට්‌ බදිනවා, මාළු මස්‌ උයනවා. කෑම මේසය පිළිවෙල වෙනවා. සමහරු කාඩ් සෙල්ලමේ, තවත් සමහරු ආගිය තොරතුරු කථා කරනවා. තව සමහරුන්ගේ දුරකථන නාද වෙනවා. පුංචි දරුවො හඬනවා. දැන් ස්‌වාමින් වහන්සේ වැඩම කරල ධර්ම දේශනය පවත්වනවා. ගෙදර මුළුතැන්ගෙයි, කාමරවල, වත්තෙ පිටියේ කලබල. දැන් ඔබ හොඳින් හිතන්න. පිංදෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයා ගෙදරම සිටිනවා. ඉහත ස්‌වභාවයෙන් ඔබ පිංකම් කළොත් මේ ප්‍රේතයා බණ දවසෙ සවස පටන්ම දැඩිලෙස කලබලවෙලයි, ගැටෙන සිතෙනුයි සිටින්නෙ. මගේ ගෙදරට මිනිස්‌සු එනවා. මගේ බිරිඳ සමග මිනිස්‌සු කතා කරනවා, හිනහෙනවා. මගේ වත්තේ මිනිස්‌සු. ගෙදර කාමරවල මිනිස්‌සු. මගේ බිරිඳ මට අහිමිවෙයිද? කවුරුහරි උදුරාගනීද? මගේ බිරිඳ මේ මොකද කරන්නේ. මම මහන්සිවෙලා හරිහම්බ කළ මුදල් වියදම් කරනවා, මිනිස්‌සුන්ට කන්න දෙනවා. මෙහෙම සිතමින් තන්හාවෙන් චංචල ස්‌වභාවයෙන් ගේ පුරා දුවනවා. ඇවිත් ඉන්න මිනිස්‌සු සල්ලි, රන්රිදී ගනිවී කියල එයා අල්මාරිය මුරකරනවා. මිනිස්‌සු ගෙනා තෑගි පාර්සල් මුරකරනවා. එයා මහා බියකින් පසුවෙන්නෙ. තමාගේ යෑයි උපාදානය කොට ගත් දෙය අනුන් පරිහරණය කරනකොට එයාට ධර්මදේශනයට සවන්දීල පිංගන්න සිතක්‌, චිත්ත විවේකයක්‌ නැහැ. ප්‍රේතයා තන්හාවෙන් බියෙන් අන්ධවෙලයි මේ මොහොත ගත කරන්නේ. ධර්ම දේශනය ස්‌වාමින්වහන්සේ හමාර කරල පිංදුන්නත් ප්‍රේතයා ඒ වගක්‌වත් දන්නෙ නැහැ. ඔහු ප්‍රේත ස්‌වභාවයෙන් තමා උපාදානය කරගත් දෙය රැකගැනීම උදෙසායි මුළු කාලයම වැය කළේ. ඔහු තුළිsන් තවතවත් අකුසල් රැස්‌කර ගැනීමක්‌ පමණමයි සිදු වුණේ.

ඔබ මෙහෙම සිතන්න. ඔබේ ගෙදර සාදයක්‌ තිබෙනවා. කෑම මේසය ආහාරවලින් පිරිලා. ඔබේ ගෙදර සිටින කුඩා දරුවා මෙවැනි අවස්‌ථාවක මොකද කරන්නේ. සමවයසේ දරුවන් සමග සෙල්ලම් කරනවා, හැමෝම අතේ සුරතල් වෙනවා. එයා ආහාර ගැන සිතන්නේ නැහැ. මෙහෙම දඟලලා ආහාර නොගෙනෙම නිදාගන්නවා. රසවත් කෑම මේසයක්‌ තිබුණත් දරුවා නිදාගන්නෙ බඩගින්නේ. ඔබ උපායශීලී නොවුනහොත්, ප්‍රේත ආත්මයක්‌ ලැබූ පිං ගන්න පුළුවන් අයෙකුටත් අර දරුවා කෑම නොගෙන බඩගින්නේ නිදාගන්නා පරිද්දෙන්ම පිං ගැනීම අහිමිවෙනවා. මෙහිදී ඔබ දක්‌ෂ වෙන්න ඕනේ ප්‍රේතයාගේ සිත කලබල නොවන නොගැටෙන ස්‌වභාවයක්‌ පරිසරය තුළ නිර්මාණය කරන්න. සාදයක්‌ කියන්නෙ එකක්‌. පිංකමක්‌ කියන්නෙ තව එකක්‌. මේ දෙකේ අරමුණු දෙකක්‌ තිබෙන්නේ. සාදයකින් වැඩෙන්නෙ කාමය. පිංකමකින් වැඩෙන්නෙ කුසලයක්‌. වර්තමානයේ ධර්මදේශනයයි පාටියයි දෙකම එකටයි ගන්නේ. ධර්මශ්‍රවණය කරන පිංවතුන්ට ධර්මය ඇසෙන්නෙත් ආහාරවල සංඥාව සමගමයි. මේ දෙක ඔබ පටලවා ගන්න එපා. පිංකමක්‌ සිදුකිරීමට අවශ්‍යනම් සද්ධර්මයට ගරුකරන අවශ්‍යම පිංවත් ඥාතීන්, හිතවතුන් කිහිපදෙනාට පමණක්‌ ආරාධනා කරන්න. වත්ත පිරෙන්න නොවේ. ගෙදර සාලය පිරෙන්න. ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය ආහාරපාන සවස හය වෙනකොට සූදානම්කොට අවසන් කරන්න. කුසල් වැඩෙන සංඥාවන් මිස, අනිත්‍ය ධර්මයන් වැඩෙන සංඥාවන් මිස කාම සංඥාවලින් ඔබ මිදෙන්න. නිවස වත්ත හොඳින් පිරිසිදු කොට සම්බුqදු පහන දල්වා, මල්, සුවදඳුම් අල්වා නිවස වත්ත පිටිය බුදුමැදුරක්‌ කරගන්න. ස්‌වාමීන් වහන්සේගේ දෙපා දෝවනය කිරීමට ගොක්‌ අත්තක්‌ වියාගන්න. ගොක්‌ අත්තක්‌ භාවිතාකොට පහන් පැලක්‌ සාදා නැවුම් පහනක්‌ දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. මේ පහන් ආලෝකය මේ ඝන අන්දකාරය දුරුවී ආලෝකය පතුරුවන්නාසේ මගේ ඥාතීන් පිං මදව අඳුරේ සිටීනම් මේ පහන් ආලෝකය සේ පිනෙන් ආලෝකමවත් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මේ ආලෝකය යම් සේ අනිත්‍යභාවයට පත්වේද මෙලෙසින්ම මගේ මිය ගිය ඥාතීන්ට ද අනිත්‍ය සංඥාවක්‌ දැනේවා කියල ඔබ අනිත්‍ය වඩන්න. ඔබ සිතන්න යන්න එපා ගොක්‌ අත්තක්‌ කපනවා කියන්නේ පොල්වල්ලක්‌ විනාශ කිරීමක්‌ කියල. සමහරු එහෙම හිතලා මේ වටිනා සිරිත් සමාජයෙන් අහිමි කරනවා. පොල්වල්ලක්‌ අපිට මිල කරන්න පුළුවන් රුපියල් පන්සියයක්‌ කියලා. එහෙත් සමාජයට එකතුව තිබූ වටිනා සිරිත් මිල කරන්න බැහැ. අපි අදක්‌ෂවෙලා තිබෙනවා වර්තමානයේ රුපියල් පන්සියයකට වටිනා ගුණධර්ම මිල කරන්න. ගොක්‌ අත්තක්‌ තුළ පිවිතුරු බව, නැවුම් බව, සෞභාග්‍යය විතරක්‌ නෙමෙයි විශේෂයෙන්ම අද අපේ ගෙදර පිංකමක්‌ තිබෙනවාය කියන සංඥාව තිබෙනවා. මේවායෙන් අපේ සිත්ද ඥාතියාගේ සිත්ද නිසල වෙනවා. සමාධිමත් වෙනවා. ඔබ ගොක්‌ අත්තක්‌ කෙරෙහි පොල්වල්ලක්‌ය යන සංඥාව ඇති කරගත්තොත්, ලෝභ සිතක්‌ ඇති කරගත්තොත් එවැනි සිතකින් අනුන්ට දෙන්න පිනක්‌ රැස්‌වෙයිද කියලා හිතන්න බෑ. යමෙක්‌ තුළ ගොක්‌ අත්තක්‌, පොල්වල්ලක්‌, පොල් ගසක්‌ පමණක්‌ නොව පොල් වත්තම මගේ කොට ගැනීම නිසා ඒවා තුළ නිත්‍යවූ වටිනාකමක්‌ ඇතැයි දැකීම නිසා පොල්වත්තේම ප්‍රේතයෙක්‌ව ඉපදීම ලෝක ස්‌වභාවයම පවතිනවා.

ඉහත ආකාරයට ඔබේ නිවස වත්ත පිටිය ආගමික පරිසරයක්‌, චිත්ත සමාධිය වැඩෙන පරිසරයක්‌ ලෙස සකස්‌කොට ගෙන ඥාතියාට පිංදීමට ඔබ උපක්‍රමශීලී විය යුතුය. ගෙදර බාහිර ක්‍රියාකාරකම් අවම වන තරමට ඥාති ප්‍රේතයාගේ සිත පිංකම කෙරෙහි රඳවා තබාගත හැකිය. එසේ නොවුනහොත් කෑම මේසයක්‌ ගෙදරක තිබියදී කුසගින්නේ නිදාගත් දරුවා සේ පිංකම සිදුකළද ඥාතියා පිංනොගෙනම පිංකම අහවරවනු ඇත. එහෙයින් ඥාතියාගේ සිත ඇලෙන ගැටෙන ස්‌වභායෙන් තොරව පිං ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට ඥාති ප්‍රේතයාට ඔබ පරලොවින් උපකාර කරන්න.

වර්තමාන සමාජයේ අපි උත්සහ ගන්නේ ජීවත්ව සිටින විට සතර අපායෙන් මිදීමට අවශ්‍ය කුසල් දහම් වැඩීම නොව, අනුන්ගේ පිං අවශ්‍ය නොවන සුගතියක ඉපදීමට පුහුණු වීම නොව, මියගිය පසු අනුන්ගේ පිනෙන් යෑපෙන අවාසනාවන්තයෙක්‌ වශයෙන් ජීවත්වීමටය, මිය යැමටය. සමහරු මිය යන්නේ හත්දවසේ තුන්මාසේ පිංකම්වලට මුදල් වෙන්කොට තබාය. මෙසේ පිංවත් ඔබ ජීවත්ව සිටියදීම මගේ ඥාතියා මරණයෙන් මතු මාව අසරණ කරාවී යන සංඥාව ඇති කරගෙන හමාරය. වර්තමානයේ ඔබ තුළ "මිය ගිය පසු මගේ ඥාතියා මට පිංදෙයි, ඥාතීන්ගෙන් පිං ගනිමි" වැනි සංඥා තිබෙනවානම් ඒවායින් වාහාම ඉවත් වන්න, මිදෙන්න. එම සංඥා තුළින් ඉවත් වීම යනු ප්‍රේත ලෝකයෙන් ඔබ යම් ප්‍රමාණයට මිදුනා වන්නේය. සෑම මොහොතකම ඔබ ඔබ කෙරෙහි, ඔබ කරන ලද පිංකම් කෙරෙහි විශ්වාසය තබන්න. තමා රැකි ශීලයන් කෙරෙහි විශ්වාසය තබන්න. මේ උත්තම ධර්ම මාර්ගය ඔබට විවර කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය තබන්න, සිහිකරන්න, මෙනෙහි කරන්න. ඉනුත් ඔබ්බට ගොස්‌ මේ සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමට ඔබ උත්සහවන්ත වන්න. අනුන්ගෙන් නොයෑපෙන, සතර අපායෙන් මිදුන, ධර්මයේ ආලෝකයේ හිමිකරුවෙක්‌ ලෙස මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබ අධිෂ්ඨානය ඇති කරගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
වැඩිවිස්තර
      edit

Tuesday, October 14, 2014

Published 12:01 PM by Indika Marasinghe with 0 comment

සයුරු සැපෙහි වේ මේ සා දෝසා


මහරහතුන් වැඩි මග ඔස්සේ......
අත්හැරීම 6 කොටස

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, zඅපි තිරිසන් ලෝකයේ උපත නොලබනවාZ කියලා. මනුෂ්‍යයාට එහෙම හිතන්න පුරුදු කළහම මේ සිත නැමැති පාප මිත්‍රයාට, මිත්‍ර ෙද්‍රdaහියාට හරිම ලේසියි ඔබව, තිරිසන් ලෝකයේ උපතට අවශ්‍ය හේතූන් ඔබ තුළින් සකස්‌ කරන්න. තිරිසන් ලෝකයේ නිසරු උපතකට අවශ්‍ය ගැලපෙන, අකුසල් වලින් සරු ජීවිතයක්‌ මෙලොවදී ඔබට ලබාදෙන්න. සතර අපායෙන් අපේ ඇසට පෙනෙන ලෝකය තමයි තිරිසන් ලෝකය. සතර අපායට අයත් ප්‍රේත, අසුර සහ නිරය දැකීමට නොහැකි වුවත් ඔබට නිරය ගැන, ප්‍රේත ලෝකය ගැන දැනීමක්‌ තිබෙනවා. එහෙත් ඔබට මේ ප්‍රකාශ කරන්නට යන්නේ එතරම් සඳහනක්‌ නොවන සතර අපායට අයත් අසුර ලෝකය ගැනයි.

ඒ අසුර ලෝකයට අපේ අවධානය අඩුයි. එහෙත් ප්‍රේත ලෝකයට සාපේක්‍ෂව අසුර ලෝකය විශාලත්වයෙන් වැඩි විය යුතුය. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ වසාගෙන පැතිර තිබෙන මහා සාගරය ආශ්‍රිතව තමයි අසුර ලෝකය ස්‌ථානගතවෙලා තිබෙන්නේ. මේ මහා සාගරය තමයි අසුරයන්ගේ නිජබිම. සත්වයෙක්‌ මේ අසුර ලෝකයේ උපතක්‌ ලබන්නේ ඇයි? මහා සාගරයට තිබෙන කැමැත්ත, ඡන්ද රාගය, උපාදානය නිසා මරණයෙන් මතු අසුර ලෝකයේ උපත ලබා මහා සාගරයට බැසගන්නවා.

ඔබ දන්නවා, ශ්‍රී ලංකාවේ මුහුදුකරය කියලා රට වටේ ප්‍රදේශය හඳුන්වනවා. ලෝකයේ අනිකුත් රටවල මුහුදු ආශ්‍රිත ප්‍රදේශ ඔබ මීට ගලපාගන්න. මෙන්න මේ ලෝකයේ මුහුදු ආශ්‍රිතව වෙසෙන ජනයා මුහුද තමන්ගේ ජීවිතය කරගෙනයි ජීවත් වන්නේ. ඒ අය නිවසින් එළියට බැස්‌සත්, ජනේලයෙන් එළිය බැලුවත් ඔවුන් දකින්නේ, පෙනෙන්නේ මුහුදයි. මුහුදේ ඝෝශාව, සුළඟ, මුහුදු රල මේ අය වැසිකිළියට යන්නෙත් මුහුදට, සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ මුහුදු වෙරළේ. නැතිනම් මහ මුහුදේ. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. මේ මුහුද ආශ්‍රිත මිනිස්‌සු යෑපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. අපේ රටේ පමණක්‌ නොවේ මුළු ලෝකයේම සමහරු උදේ ඉඳන් රාත්‍රි වනතුරු, බිලී පිති දමාගෙන මාළු අල්ලනවා. තවත් සමහරු ජීවිතය ගැනත් නොසිතා මුහුද මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන කුඩා තෙප්පමකින් මහ මුහුදේ මාළු දැල් එලනවා. තවත් සමහරු සවස තම බෝට්‌ටු වලින් මුහුදු ගියහම ආපසු ගොඩබිමට පැමිණෙන්නේ පසුදා අලුයම. තවත් සමහරු බහුදින ධීවර යාත්‍රා වලින් මුහුදු ගියහම ආපසු පැමිණෙන්නේ සති, මාස ගණනාවකින්. තවත් සමහරු නැව් වලින් මුහුදු ගිහින් මසුන් අල්ලා ටින් වලට අසුරා තවත් මාස ගණනක ගමනක යෙදෙනවා. ඒ තමයි පුළුල්ම තාක්‍ෂණය.

මේ හැම ධීවර කාර්මික මහත්මයෙක්‌ම මහ මුහුද උපාදානය කරගත් අයයි. මේ අයගේ ජීවිතයත් මහ මුහුදයි. බිරිඳත් දරුවනුත් මහ මුහුදයි. සතුටත් බලාපොරොත්තුවත් මහ මුහුදයි. සාගරය ඔවුන්ගේ ආත්මයයි. මේ ආත්මය තුළින් තමන්ට සැප ලැබේයෑයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් ඔවුන් මහා සාගරය උපාදාන කරගෙන ගොඩබිමට රැගෙන පැමිණෙන්නේ ප්‍රාණඝාතයේ අස්‌වැන්නයි. ප්‍රාණඝාතයේ අස්‌වැන්න යනු ඔවුන් ගොඩබිමට ගෙනෙන මරා දැමූ මසුන් ටොන් ගණනයි. කුඩා මසුන් පමණක්‌ නොවේ. කැස්‌බෑවුන්, විශාල මෝරුන්, තල්මසුන්, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්‌සන්... මේවා තමයි මුහුද උපාදානය කරගත් මිනිසුන්ගේ ප්‍රාණඝාතයේ අස්‌වැන්න.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා, ඒ අය මහා සාගරය උපාදානය කරගන්නේ වෙනත් සංඥාවකින්. ඒ අය විනෝදය උදෙසා, සතුට උදෙසා, විවේකය උදෙසා, ක්‍රීඩාව උදෙසා, අධ්‍යාපනය උදෙසා මහා සාගරය උපාදානය කරගන්නවා. අපි මේ අයට කියනවා දෙස්‌, විදෙස්‌ සංචාරකයන් කියලා. සුන්දර මුහුදු වෙරළ තිබෙන රටවල ඉතාමත් දියුණු ආකාරයෙන් පැතිරුණු ව්‍යාපාරයක්‌ මේක. සංචාරයකයන් සැතපුම් දස දහස්‌ ගණනක්‌ දුර කතර ගෙවාගෙන රට රටවල සංචාරයට යනවා. මාලදිවයින කියන රටට වසරකට ලක්‍ෂ ගණනක සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනවා. කුමකටද? මහා සාගරය උපාදානය කරගන්න. අපේ රටත් එහෙමමයි. ලෝකයේ කොහෙ පිහිටියත් සංචරක හෝටලයක මහා සාගරයට මුහුණදාපු කාමර ගොඩබිමට මුහුණදාපු කාමර වලට වඩා මිලෙන් අධිකයි. මෙය සංචාරකයන් මුහුද උපාදානය කරපු නිසා ඇතිවූවක්‌. මේ අය මුහුදේ නාමින්, කිමිදෙමින්, ඔරු බෝට්‌ටු පදිමින්, නොයෙකුත් ජල ක්‍රීඩා කරමින් මහා සාගරය තුළ සතුට සොයනවා. වෙරළේ මහා අවුකාශ්ඨකයේ හිරු එළිය තපිනවා. මුහුද ඒ අයගේ ජීවිතයේ කොටසක්‌ වගේ. ලුණු වතුර, ලවන ස්‌වභාවය ඒ අය ස්‌පර්ශ කරන්නේ දැඩි කැමැත්තකින්. තන්හාවකින්. අපේ රටේ සුන්දර සංචාරක මුහුදු තීරයේදී මේ ස්‌වභාවය ඔබට දකින්න පුළුවන්. ඒ අයගේ ජීවිතයම මහ මුහුදයි. ඒ අයගේ ආහාරය මහ මුහුදයි. ඒ අයගේ ඇස ඉල්ලන්නේ මුහුදේ සුන්දරත්වයයි. කන ඉල්ලන්නේ රළ පෙරළෙන ඝෝෂාවයි. නාසය ඉල්ලන්නේ පිලී ගඳයි. දිව ඉල්ලන්නේ මුහුදු ආහාරයන්ගේ රසයයි. ශරීරය ඉල්ලන්නේ මුහුදු ජලයේ ලවන ස්‌වභාවයයි. මනස ඉල්ලන්නේ ඉහත සියල්ල තව මදි, තව මදි කියන ඉල්ලීමයි. කය නැමැති ගුහාවේ සැඟවී සිටින සිත නැමැති ඔබගේ පාප මිත්‍රයා ඔබව මේ මුළා කරන්නේ මුහුද මගේ ආත්මයයි. සැපයයි. ලෝකයයි කියාය.

තව පිරිසක්‌ ලෝකයේ සිටිනවා. ඒ අය මහ මුහුදේ විශාල මඟී සහ භාණ්‌ඩ ප්‍රවාහන නැව්වල සේවකයන් සහ සංචරකයන්. නැව් වලට සංඥා ලබාදෙන ප්‍රදීපාගාර සේවකයන්. තවත් බටහිර රටවල පිරිසක්‌ සිටිනවා ඔවුන් සිය රැකියාවෙන් විශ්‍රාම ලබන විට හිමිවන සියලු දීමනා එකතුකර කුඩා රුවල් නැවක්‌ මිලටගෙන රටින් රටට තොටින් තොටට යාත්‍රා කරමින් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමනවා. මේ සියලු ආකාර වල අය ගොඩබිමකට පය නොතබා එක දිගට මාස ගණන් යාත්‍රාකිරීම තුළයි ජීවත්වන්නේ. ඔවුන් විනෝද වෙනවා, සතුටු වෙනවා. හොඳට කනවා, හොඳට බොනවා, තමා සිටින්නේ මහා සාගරය මැද සිර කුටියකයි කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මහ මුහුද කෙරෙහි තිබෙන තන්හාවේ ස්‌වභාවය නිසා මේ සිර කුටිය ඒ අය දකින්නේ සිහින මාලිගාවක්‌ හැටියට. අපි හරියටම නොදන්නා නමුත් අහලා තිබෙන විදිහට මේ අය නැව ගිලුනත් බෑන් චූන් ගහනවලු සැපයි, සැපයි කියලා. මහා සාගරයේ මැරුණත් සැපයි කියන සංඥාවෙන්. මේ අයගේ ජීවිතය කියන්නේ මත්වීම, ඉන්ද්‍රියන් පිනවීම පමණමයි. මේ අය මුහුද මගේ කරගෙන, මුහුද ආත්මය කරගෙන, ඒ ආත්මය තුළ සැප ඇතැයි සොයනවා.

ලෝකයේ තවත් පිරිසක්‌ සිටිනවා. ඒ අය තමයි කිමිදුම්කරුවන්. ගවේශකයන්. ඒ අයත් මුහුද තුළ සැප සොයනවා. සම්පත් සොයනවා. ඔක්‌සිජන් ටැංකියක්‌ කරේ එල්ලාගෙන එහි බර දරාගෙන, ගැඹුරු බියකරු මුහුදේ කිමිදෙමින්, ඒවා සැප හැටියට දකිමින් මුහුදේ සැඟවුණු අසිරිය, ධනය, නොපෙනෙන ලෝකය සොයනවා. මේ අයට මුහුදේ ලවන ස්‌වභාවය, මුහුදු ගැඹුරේ භියකරු ස්‌වභාවය බොහොම සුළු දෙයක්‌. මොකද මහ මුහුද කෙරෙහි තබන්නා වූ උපාදානය ඊට වඩා බලවත් නිසා. මේ පිරිසත් මුහුද ආත්මය කොට දකිමින් එහි සැප සොයන පිරිසක්‌මයි. මහා මුහුද ආශ්‍රිතව වෙසෙන කෝටි ප්‍රකෝටි ගණනක්‌ මත්ස්‍යයන්, කැස්‌බෑවන්, ලිහිණියන් වැනි පක්‍ෂීන්... මේ අයත් මුහුද උපාදනය කරගත් පිරිසක්‌මයි. මේ අය තම පංෙච්න්ද්‍රය පිනවන්නේ මහා මුහුදෙන් ලබාගන්නා ආහාරයෙන්. ඒ අයගේ ජීවිතය මහ මුහුදයි. මේ සෑම සතකුම මහ මුහුද තුළ සැප සොයනවා. මහ මුහුද මගේය කියලා දකිනවා. මහ මුහුද මගේ ආත්මය හැටියට දකිනවා.

ඉහත සටහන් කරපු ආකාරයෙන් ධීවර කර්මාන්තය නිසා අධ්‍යාපනික, ගවේෂණාත්මක සහ ජීවත්වීම උදෙසා මුහුද උපාදනය කරගත් මනුෂ්‍යන් වගේම තිරිසන් සතුනුත් ගණනින් මහා විශාල සංඛ්‍යාවක්‌. මෙන්න මේ මුහුද උපාදානය කරගත්, මුහුද මගේ කරගත්, මුහුද තුළ සැප සොයන ඉහත සත්වයන් කවදා හරි දවසක මැරෙන මොහොතේ, තමා ජීවත් වන කාලයේදී තන්හාවෙන් බැඳී සිටි මහා සාගරය කෙරෙහි කැමැත්තක්‌, උපාදානයක්‌, ඡන්දරාගයක්‌, මතුවුණා නම් ඔහු අසුර ලෝකයේ ඉපදීමට ඇති ඉඩ ඉතාමත් වැඩියි. මේ වගේ සාගරය උපාදානය කර ජීවත්වෙලා අසුර ලෝකයට බැසගත්තට පස්‌සේ එම අසුරයන්ට පුළුවන් මහා සාගරය මගේ කරගෙන ජීවත්වෙන්න. සාගරය කළඹන්න, පිහිනන්න, කිමිදෙන්න. ඒ ඔහු අපේක්‍ෂා කළ කැමැත්ත අල්ලාගැනීම නිසා ඒ අසුරයන් අසුර ජීවිතය දුකක්‌ කොට දකින්නේ නැහැ. මොකද එයා පෙර මනුෂ්‍ය ජීවිතයේදීත් මුහුද, ජලය, එහි ලවන ස්‌වභාවය, හිරු රශ්මිය, මුහුදු සුළඟ, බියකරු බව දුකක්‌ හැටියට දැක්‌කේ නැහැ. උතුම් මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබී තිබෙද්දිත් ඉහත කරුණු සැපක්‌ කර ගත්ත කෙනා අසුර ලෝකය කියන සතර අපායට වැටුණහම එම ස්‌වභාවය දුකක්‌ හැටියට දකියිද? නැහැ. ඔහු ලැබූ මහා සැපක්‌ හැටියටයි එය දකින්නේ.

පුංචි දරුවෙක්‌ තමන්ගේ මුත්‍රා අසූචි සමග සෙල්ලම් කරනවා වගේ, අසුරයොත් මහා සාගරයේ සෑම දුක්‌ඛ දෝමනස්‌සයක්‌ම මහා සැපයක්‌a කොටගෙන ප්‍රීතිවෙනවා. මහා සාගරයේ ආධිපත්‍යය පතුරවනවා. මහා සාගරයේ අයිතිය, ප්‍රදේශ වෙනුවෙන් ගැටෙනවා. සටන්කරනවා. මනුෂ්‍යයෝ මේ මුහුදු ප්‍රදේශය අපේ, වෙන අයට මෙහි මසුන් අල්ලන්න බැහැ. මේ වෙරළ අපේ හෝටලයේ. වෙන අයට මෙහි එන්න බැහැ වැනි අසුර සංඥාවල බැසගෙන සිටින නිසා අසුර ලෝකයේදී ඒ දේවල් වඩා පුළුල්ව සිද්ධවෙනවා.

ඔබ හිතන්න කිමිදුම්කරුවකු යම් සේද මහ මුහුද තුළ ක්‍රියා කරන්නේ කියලා. ඔහු දිය මතුපිටත් පිහිනනවා. දිය යටත් කිමිදෙනවා. ගැඹුරු දියෙත් කිමිදෙනවා. මෙන්න මේ කිමිදුම්කරුවා වගේ අසුරයොත් මහසයුරේ කිමිදෙමින් පංචකාමය විඳිනවා. මුහුද වෙනුවෙන් තම වර්ගය සමඟ සටන් වදිනවා. මුහුදේ සැප සොයනවා. එය තමයි අසුර ලෝකයේ ස්‌වභාවය. මාළුවෙක්‌ යම් සේද මුහුද දිය සැපැයි කියමින් එහි වාසය කරන්නේ පිහිනමින්, කිමිදෙමින්, හැඩතල මවමින්, සතුටු වෙමින්.... මාළුවාට එය සැපයක්‌ වුවද එය තිරිසන් ලෝකයයි. තව කුඩා මාළු සිය දහසA ගනනින් ආහාරයට ගනිමින් තව කර්ම රැස්‌කරන එකයි. මාළුවා කරන්නේ අවසානයේදී කාගේ හරි දැලකට අසුවෙලා ජීවිතය පූජාකරනව. අසුරයන් තෘෂ්ණාවෙන් මහ සාගරය අල්ලාගෙන මුහුද බෙදාගැනීමට අයිතිකරගැනීමට වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වඩමින් අවසානයේ විනාශවෙලා තව තව දුකින් දුකට වැටෙනවා.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවනවිට මහා සාගරයේ මුහුදු ජලය මත කිමිදෙමින්, සතුටු වන සත්වයන් කිහිපදෙනෙක්‌ දුටුවා. භික්‍ෂුව මේ අය හඳුනාගනු ලැබුවේ අසුරයන් හැටියටයි. හැබැයි මේ අසුරයන් කිහිපදෙනා බොහොම තේජාන්විත, පිරුණු මනුෂ්‍ය ස්‌වභාවයේ ශරීරයක්‌ සහිත බොහොම ශක්‌තිමත් පිරිසක්‌. මේ අය තනිකරම කිරි පැහැයෙන් යුක්‌තයි. මනුෂ්‍ය හිසට වඩා ලොකු හිසක්‌ ඔවුනට තිබුණා. මේ අසුරයන් ඉතා ප්‍රීතියෙන් ජලයේ කිමිදෙමින්, ජලය මතුපිටට එමින් විනෝද වුණා. මේ සියල්ලෙන් පෙනෙන්නේ භික්‍ෂුවට දර්ශනය වූ අසුරයන් කිහිපදෙනා අසුර නායකයන් බවයි. මොකද ඒ අය අසුර ලෝකයේ ජීවත්වුණත් දුක්‌ විඳින බවක්‌ පෙනුණේ නැහැ. ඒ අයගේ සියුම් කයේ පිරුණු ස්‌වභාවයේ විරුපී බවක්‌ පෙනුනේ නැහැ.

සමහර විට මේ දෙය වෙන්නේ මෙන්න මේ විදිහට කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ඒත් නිවැරැදිවම කියන්න නම් දන්නේ නහැ.

ඔය මුහුදට ආසා කරන කෝටිපති ව්‍යාපාරිකයන්, සංචාරකයන් ඉන්නවා. මේ අය ගොඩාක්‌ සමාජ සේවය, දාන මාන වැනි ක්‍රියාවල යෙදෙනවා. මේවා තුළින් ඔවුන් තුළ කුසල් වැඩෙනවා. නමුත් මේ කෝටිපතියන් මැරෙන මොහොතේ ඔවුන් තුළ ඇතිවන්නේ ඉහත සමාජ සේවා, අනුනට කළ උපකාර පිළිබඳ මතකය නොවෙයි. සාගරය කෙරෙහි උපාදානයක්‌. zඅනේ මට නැවත මුහුදු සැප අහිමිවේයZ කියා බියක්‌. ඒ සැපය කෙරෙහි ආශාවක්‌.

අනෙක මේ සමහරක්‌ කෝටිපතියන්, සංචාරකයන් මිත්‍යාදෘෂ්ටිකයන් වීම නිසා, පිං පව් පිළිබඳ විශ්වාසයක්‌ නොමැති නිසා දානයේ ආනිශංස පරලොවදී ලැබෙතැයි විශ්වායක්‌ නොමැති නිසා ඒ අයට මේවා මතක්‌ වෙන්නේ නැහැ. මතකයට එන්නේ තමන් කරපු, තමන් කැමති වූ දෙය පිළිබඳ අල්ලාගැනීමක්‌. මේ හේතුව නිසා මේ අය මරණින් මතු තමන් කැමති වූ මහ මුහුදේම අසුරයෙක්‌ ලෙස උපත ලබන්න බොහෝ ඉඩක්‌ තිබෙනවා. මෙන්න මේ අය අසුර ලෝකයට ලෝකයේදී භික්‍ෂුවට දර්ශනය වූ පරිදි තේජාන්විත පෞරුෂත්වයෙන් යුත් අසුර නායකයන්, ප්‍රාදේශීය නායකයන් වශයෙන් උපත ලබනත් ඉඩ තිබෙනවා.

ඔබ මෙහෙම සිතන්න, එක ධීවර මුදලාලි කෙනෙක්‌ ඉන්නවා ඔහු අදහන්නේ ක්‍රිස්‌තියානි ආගම. එහෙම නැතිනම් මුස්‌ලිම් ආගම. ඒ ගැන කිසිම ගැටලුවක්‌ නැහැ. ඒ එම මහත්වරුන්ගේ නිදහසයි. එවැනි ආගම් භක්‌තිකයෙක්‌ට ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌ වෙන්නේ නැහැ කියලා භික්‍ෂුවක්‌ හිතනවා. වැරැදි නම් සමාවෙන්න ඕනේ. නමුත් බුදු දහම පැත්තෙන් ධීවර කර්මාන්තය ප්‍රතික්‍ෂේප කර්මාන්තයක්‌. අපි මෙහෙම හිතමු. ඔය ධීවර මුදලාලිට ට්‍රොලර් යාත්‍රා දහයක්‌ තිබෙනවා කියලා. දිනපතා හොඳින් කාලගුණය පවතිනකොට මේ යාත්‍රා දියඹට ගොස්‌ විශාල මාළු අස්‌වැන්නක්‌ ගොඩබිමට ගෙනෙනවා. මේ අස්‌වැන්න තමයි බෞද්ධ ජනතාවත් ආහාරයට ගන්නේ. ස්‌වාමීන්වහන්සේලාට පූජා කළොත් වළඳන්නේ. ඉහත එක යාත්‍රාවකින් මාළු දහස්‌ ගණන් මරලා ගොඩට ගෙනෙන්නේ. එතකොට දිනකට යාත්‍රා දහයකින් මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දමනවාද? එතකොට මේ මුදලාලිලා ජීවිත කාලය තුළ මොන තරම් මාළු කන්දරාවක්‌ මරා දැමීමට හවුල් වෙනවාද? මේ මුදලාලි උදයට මුqහුදුවෙරළට ඇවිත් සතුටුවෙන්නේ මාළු අස්‌වැන්න දැකලා. බලලා. අස්‌වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න මුදලාලිගේ, සේවකයන්ගේ, සතුට සිනහව බලාපොරොත්තු වැඩිවෙනවා. සමහරදාට මැරුණු මාළුන්ගේ කුස තුළ ලෝකයට බිහි නොවූ නමුත් ජීවී පැටවුනුන් කෝටි ගණනක්‌ ඉන්න පුළුවන්. මෙම මාළු පැටවුත් මැරෙනවා. මෙවැනි පිරිස්‌ ජීවිත කාලයක්‌ පුරාවට රැස්‌කරගන්නා අකුසල් ප්‍රමාණය ඉලක්‌කම් වලින් ප්‍රකාශ කරන්න බැහැ. මෙවැනි අකුසල් නිසාත් බොහෝම දුර්වල, විරූපී අසුරයන් වශයෙන් වගේම මුහුදු පතුළේ ගල් ප්‍රේතයන් වශයෙන්ද ඉපැදීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩිය. මුහුදු පතුළේ සිටින මේ ගල් ප්‍රේතයන් ගලක්‌, කොරල් පරයක්‌, මුහුදු ශාකයක්‌ වශයෙනුයි සිටිනුයේ. මේ ප්‍රේතයන් පහළ වෙන්නේ ගල තුළයි, කොරල් පරය තුළයි. විශාල මුහුදු ශාක නිධි තුළයි. මේවා තමන්ගේ නිවාස කරගෙන, භවන කරගෙන මේ අය ජීවත්වෙනවා. තමා තන්හාවෙන් අල්ලාගත් මුහුද මුරකරන්නේ, බලාගන්නේ zමගේZ සංඥාවෙන් අයිතියේ තබාගෙන සිටින්නේ මේ නිවස තුළ සිටයි. මේ ගල් ප්‍රේතයන් දිනකට දෙතුන්වරක්‌ හිස ගලෙන් මතුකොට මුහුදේ වටපිටාව හොඳින්, තෘෂ්ණාවෙන් නිරීක්‍ෂණය කරනවා. කවුරු හරි ඇවිත්ද, වෙනත් කෙනෙක්‌ අයිති කරගෙනද කියලා. මුහුද පතුලේ ඇති ධන නිධාන, ගිළුන නැව්, මත්ස්‍ය සම්පත බලලා නැවත එයා ගල්වෙනවා. මිනිස්‌සු මේ ධන නිධාන ගන්න එහෙම නැතිනම්, නිරීක්‍ෂණය කරන්න මුහුදු පතුළට ගියොත්, ඔන්න මේ අය පීඩා කරනවා. බය කරනවා. මේවාට තමයි මිනිස්‌සු හොල්මන් කියන්නේ. මේ හේතූන් නිසා වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව තව තව වැඩි වෙනවා. මේ සත්වයන් තවත් දුකෙන් දුකටම යනවා. අසුර ලෝකයෙන් ප්‍රේත ලෝකයට, ප්‍රේත ලෝකයෙන් නිරයට වැටී කල්ප ගණන් දුක්‌ විඳිනවා.

දැන් ඔබ සිතන්න, ඔබත් මහා සාගරය ජීවිකාව උදෙසා, විනෝදය උදෙසා, අල්ලාගත් තෘෂ්ණාවෙන් උපාදානය කරගත් අයෙක්‌ නම් මහා සාගරයේ ප්‍රාණඝාත අස්‌වැන්න ගොඩබිමට ගෙනෙන අයෙක්‌ නම්, සතර අපායට අයත්වන අසුර ලෝකයේ ස්‌වභාවයත්, අසුර ලෝකයේ ප්‍රතිසන්ධියකට අවශ්‍ය කරන හේතූන් ගැනත් අවධානය යොමු කරන්න. අසුර ලෝකයේ ප්‍රතිසන්ධියක්‌ ලැබුවොත් ඔබට කල්ප ගණනාවකින් ගොඩ ඒමට නොහැකි බව දකින්න. ලවන රසයට ඇති අනවශ්‍ය ආසාවන්ගෙන් මිදෙන්න. බියකරු මහ මුහුදට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. එසේ නොවුණහොත් ඔබම, ඔබ කැමති වූ පරිදිම කල්ප ගණනක්‌ ලුණු රසයත්, ලවන ජලයත්, පිලී ගඳත්, ගැඹුරු නොගැඹුරු සයුරත්, එහි ඇති ධන නිධානත් ඔබේ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබට අයිති නැති, ඔබගේ වසඟයේ පවත්වාගැනීමට නොහැකි දෙයක්‌ ඔබට දුක පිණිසම හේතුවන දෙයක්‌ අවිද්‍යාව නිසා ඔබේ කරගෙන, සැපයක්‌ කරගෙන දුක්‌ විඳින්න ඔබට සිදුවේවි. මහා සාගරයට කැමති වන හැම මොහොතකම ඔබ අසුර ලෝකයට යැමට මඟ එළිපෙහෙළි කරගන්නවා වීම නොවැලැක්‌විය හැකි කරුණකි. මහා සාගරයට ඇති කැමැත්තෙන්, තෘෂ්ණාවෙන් මිදී අසුර ලෝකයට යන මාර්ගය ඔබ වසා දමන්න. ලැබූ මනුශ්‍ය ජීවිතය සතර අපායෙන් මුදාගෙන ඔබත් ලොව්තුරු සුවය අත්විඳින්න.

මහා සාගරයේ ඇති බියකරු බව බියකරු බවක්‌ම ලෙසින් දකින්න. මහා සාගරයේ ඇති පාළුව, සෙවණක්‌ නොමැති හිරු රශ්මිය, ලවන ස්‌වභාවය, පිළිකුලක්‌ සේම දකින්න. ඒවා ඔබේ කරනොගන්න. මහා සාගරය සත්වයාට අකුසලයේ අස්‌වැන්න පමණක්‌ම උරුමකොට දෙන ඒ අකුසල් හේතුවෙන් අසුර ලෝකයේ දුකම උරුම කරදෙන zමාර සාගරයක්‌Z බවට දකින්න ඔබ දක්‍ෂවෙන්න. මහා සාගරයට ඇති කැමැත්තෙන් මිදී අසුර ලෝකයෙන් මිදෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
වැඩිවිස්තර
      edit

Friday, September 26, 2014

Published 9:00 AM by Indika Marasinghe with 0 comment

ප්‍රේත ලෝකයේ මනාලිය


ප්‍රේත ලෝකයේ මනාලිය
(ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)
තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි ... මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව ප්‍රෙAත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5' 5" පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ ක_ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟු=ව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිsරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීSම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟු=ල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්... එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 
වැඩිවිස්තර
      edit

Wednesday, September 24, 2014

Published 9:00 AM by Indika Marasinghe with 0 comment

මහරහතුන් වැඩි මග ඔස්සේ
දැවෙන සමක්‌-නිවෙන මගක්‌


ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී "මෙවලමක්‌" සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි.

ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම රතුවෙලා, ඉදිමිලා, මගේ සම කළු වෙලා, මගේ සම පැලිල, මගේ සමේ බිබිලි, තුවාල, අළුහම්, කබර දමලා, මගේ සම පිච්චිලා කියන වචන අපි නිතර භාවිතා කරනව. සම මගේ කියල විතරයි අපි දන්නෙ. කය නැමති ජරාව පිරවු මාරයාගේ තෑගි පාර්සලය අපේම කැමැත්ත මත සකස්‌කරගත් තෑගි පාර්සලය ලස්‌සනට හිත වශීවන ආකාරයට සිනිදු සියුමැලි ලෙස පාර්සල් කර තිබෙන්නෙ සමෙන්. සමේ ඇති වෙන ඉහත සඳහන් කළ බිබිලි, පැලීම්... කියන්නෙ කිපීම් සහ උරණවීම්. ඇයි මේ උරණවෙන්නේ. කිපෙන්නේ. හේතූන් නිසා ඇතිවෙන්නාවු ඵලයක්‌ තමයි මේ උරණවීම්, කිපීsම්. සම, තමන්ට එරෙහි ස්‌වභාවයන් හේතුවෙන් ප්‍රතික්‍රියා දක්‌වනවා. සම යනුවෙන් අප ආමන්ත්‍රණය කරන පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් එකිනෙක ගැටෙනවා, කිපෙනවා. තද ස්‌වභාවය, දියර ස්‌වභාවය, උෂ්aණ ස්‌වභාවය, වායු ස්‌වභාවය ආදිය කිපෙන්නාගේ ස්‌වරුපය අනුව තුවාල, ගෙඩි ආදිය දියර වශයෙන්, උෂ්ණය වශයෙන්, වායුව වශයෙන් පිටටදමනවා.

ඔබේ ඔය ලස්‌සන සමට උණුවතුර වැටුණොත් සමට මොකද වෙන්නේ. සම රතු වෙනවා, සම පුපුරු දමනවා. මේවා තේජෝ ධාතුවෙ ක්‍රියාකාරිත්වය. සමෙන් දුම, රස්‌නය පිටවෙනවා. බුබුළු මතුවෙනවා. මේවා වායේ ධාතුවේ ක්‍රියාකාරිත්වය. සමේ දිය බුබුළු තුවාල හටගන්නවා. මේවා පඨවි ධාතුවේ ක්‍රියාකාරිත්වය. දිය බුබුළු වල දිය පිරෙනවා. තුවාල වලින් සැරව ගලනවා. මේවා ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය. ධාතූන් හතරම එකටමයි පවතින්නේ. නමුත් මෙහි වෙන්වශයෙන් දැක්‌වූවේ වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන ධාතුව නිසා. දිය බුබුලෙ වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන්නේ ආපෝ ධාතුව. බලන්න ඔබේ ලස්‌සන සමට උණුවතුර ටිකක්‌ වැටුණු සැනින් සම ආකාර ගණනාවකින් ප්‍රතික්‍රියා දැක්‌වුවා. කාටද පුළුවන් මේ ප්‍රතික්‍රියාව ඇතිවෙන්න එපා කියල නවත්වන්න. කාටවත්ම බැහැ. ඇයි? සම මගේ නොවන නිසා. සතර මහා ධාතූන් නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌ත නිසා. සම නැමති රූපය පඨවි ධාතුව වැඩි ප්‍රතිශතයක්‌ තිබෙන ස්‌වභාවයක්‌. උණුවතුර කියන්නෙ තේජෝ ධාතුව වැඩි ස්‌වභාවයක්‌. දෙදෙනා අතර සමබරතාවය නැතිවුන නිසා දෙදෙනා ගැටෙනවා. කිපෙනවා. මේ ගැටීම තමයි පිsළිස්‌සුම වශයෙන් අපි දකින්නේ. සම කියන පඨවි ධාතුව ක්‌ෂණයකින් දියබුබුලු, සැරව, තුවාල, බවට වෙනස්‌ වුණා. එක විනාඩි දහයක්‌ යන්නේ නැහැ මේ වෙනස සිද්ධ වෙන්න. රූපය වෙනස්‌ වීමේ වේගයයි අපි මේ දකින්නේ. දියබුබුලු, සැරව, තුවාල බවට පත් වුයේ සමයි. නමුත් අපි කවුරුවත් දියබුබුලට, සැරවට, තුවාලයට සම කියල කියන්නෙ නැහැ. අප ලෝකය අපට උගන්වපු සම්මුති නාමයනුයි භාවිතා කරන්නෙ. මේ සම්මුතිය නිසා යථාර්තයෙන් අපේ අවබෝධය වසා දමනවා. අපිට හිතන්න ඉඩ දෙන්නෙ නැහැ. හිතන්න ප්‍රවේශයක්‌ ලබාදෙන්නේ නැහැ. උණුවතුර වැටීමට පෙර තිබූ සුන්දර සම, උණුවතුර වැටුණු සැනින් දියබුබුලක්‌, තු=වාලයක්‌, සැරව බවට වෙනස්‌ වීමට බලපෑ වේගය මොකක්‌ද කියල හදුනාගන්න. ඒ සම දියබුබුල, තුවාලය, සැරව වශයෙන් දකින්න ඔබේ ඔය මස්‌ ඇහැ දන්නෙ නැහැ, දක්‌ෂ නැහැ.

ඔබ මේ දකින දෙය, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය වශයෙන්ම දකින්න. එය ඔබ සිතට පැහැදිලි කර දෙන්න. ඔබ මේ දකින්නෙ ලෝකයෙන් නිවී යාමට අවශ්‍ය කමටහනක්‌ බව අවබෝධ කරගන්න. මේ ඔබ දකින්නෙ උතුම් සම්බුද්ධ දේශනාව බව අවබෝධ කරගන්න.

අපි මේ දැක්‌කෙ රූපය ගැන. දැන් අපි බලමු වේදනාව ගැන හිතලා.

සම උණුවතුරෙන් පිළිස්‌සෙනකොට ඔබට මොනතරම් දැවිල්ලක්‌ පිච්චීමක්‌ දැනුණද? ඔබ හඬයි, ඔබ කෑගසයි, දුකට පත්වෙයි, වෛද්‍යවරුන් සොයාගෙන යයි, රෝහල් ගතවෙයි. දැන් ඔබ හිතන්න සමට උණුවතුර වැටීමට මොහොතකට පෙර ඔබ මොනතරම් සතුටින්ද සැහැල්ලුවෙන්ද සිටියේ. ඔබ හිනාවෙලා, ඔබේ ලස්‌සන සම ගැන වශී වෙලා ඔබ සිටියේ . නමුත් උණුවතුර ටික සමට වැටෙන මොහොතේම, තප්පරයක්‌ ගියේ නැහැ වේදනාවේ අනිත්‍යයභාවය ඔබට දැනුණා. සතුට වෙනුවට දුක, සැහැල්ලුව වෙනුවට වේදනාව, පිච්චීම දැනුණා. බිය දැනුණා. තප්පරයක්‌ ගියේ නැහැ. විඳීමේ අනිත්‍යභාවය ඔබට දැනුනා, ඔබ දැක්‌කා. එහෙත් මෙය විඳීමේ අනිත්‍යභාවය වශයෙන් අවබෝධකොට ගන්න ඔබ දක්‌ෂවෙන්නෙ නැහැ. ඔබ දකින්නේ මේක මගේ කර්මය, මේක මගේ වෙලාව, නොසැලකිල්ල, වතුර උණුකල ලිපේ වරද, උණු වතුර භාජනයේ වරද... වැරදිකාරයො ගොඩයි. එයා ඊළගට උත්සහ ගන්නෙ උණු වතුරෙන්, ගින්දරෙන් ප්‍රවේසම් වන්න. වේදනාවේ අනිත්‍යභාවය මේකයි කියල දැකලා, සැපවේදනාවක සිට දුක්‌වේදනාවක්‌ ඇතිවීමට ගතවන කාලය තප්පරයකටත් වඩා අඩුය යන්න අවබෝධය ලබන්නෙ නැහැ. මේ විඳීම උරුමවුයේ මගේ නොවන ශරිරයක්‌ සමක්‌ මගේ කරගැනීම නිසාය කියල දකින්න දක්‍ෂ නැහැ. ඔබගේ සම පිලිස්‌සීමට පෙරාතුව තිබු සැප වේදනාව සමට උණුවතුර වැටීමෙන් පසුව ඔබට දැනුණ දැඩි දුක්‌ වේදනාව, වේදනාවේ අනිත්‍යභාවය පිළිබදව උතුම්ම කමටහනක්‌ බව දකින්න ඔබ දක්‌ෂ නැහැ. මේ වේදනාව ඇතිවුණේ ස්‌පර්ශය නිසාය කියන හේතුව දකින්න ඔබ උත්සහා ගත්තේ නැහැ. ශරීරය කියන අධ්‍යාත්මික රූපයත්, උණුවතුර කියන බාහිර රූපයත්, විඥානයත් ස්‌පර්ශය වීම නිසා මේ විඳීමේ ස්‌වභාවය සකස්‌වුනාය කියලා ඔබ දකින්නේ නැහැ.

ඔබගේ සමට උණුවතුර වැටුණ මොහොතේම දැනුණා වූ උණුවතුර වැටුනාය කියන හඳුනාගැනීම තත්පරයකින් වෙනස්‌වී පිළිස්‌සුනාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍යවී දැවිල්ලය කියන හඳුනාගැනීම, එය අනිත්‍යවී සම රතුපාට වෙලාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍ය වී සහ ඉදිමුණාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එය අනිත්‍යවී සමෙහි දිය බුබුළු දැම්මාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. එයද අනිත්‍යය වී පිළිස්‌සුන සමට ඇල්වතුර, ගිතෙල්, බටර්, බෙහෙත් දැම්මාය කියන හඳුනාගැනීම ඇතිවෙනවා. ඒවාද අනිත්‍ය භාවයට පත්වී වෛµ වරයා, රෝහල, බෙහෙත්, තුවාල සැරව මේ ආදී වශයෙන් පැය කාලක්‌ ඇතුළත මොන තරම් හඳුනාගැනීම් ඇතිවී නැතිවී ගියාද? මේ ඇතිව, නැතිව ගියේ හඳුනාගැනීම්. එක හඳුනාගැනීමක්‌ අනිත්‍ය වී යන්නේ තව හඳුනාගැනීමක්‌ සකස්‌ කරවමින්. ඔබට වේලාවක්‌ දෙන්නේ නැහැ අවබෝධයක්‌ ලබන්නට. මේ තමයි හඳුනාගැනීම අනිත්‍යභාවයට පත්වන වේගය. ඉහත හඳුනාගැනීම් සියල්ලම පැය කාලක්‌ ඇතුළත ඇතිවෙලා නැතිවෙලා ඉවරයි.

ඔන්න ඊළඟට ෙච්තනාවන් ගැන බලමු. හඳුනාගැනීම කියන හේතුව නිසා ෙච්තනාව සකස්‌ වෙන්නේ, " අනේ මගේ සම පිච්චුනේ අහවලා නිසා. අහවලා තමයි වතුර මගේ සමට වත්කළේ. ඔහු ලිපේ ගල් වැරදි විදිහට තිබ්බ නිසයි, ඔහු උණුවතුර භාජනය අතහැරිය නිසයි මාව පිච්චුනේ. ඔහු උවමනාවෙන්මයි මාව පිච්චුවේ. ඔහුට තේ හදන්න, කෑම හදන්න, උපස්‌ථාන කරන්න ගිය නිසයි මාව පිච්චුනේ. මට උණුවතුර වැටුණේ. මම සනීපවෙලා එයාටත් හොඳ වැඩක්‌ කරන්නම්..." මේ ආකාරයට ඔබ පිළිස්‌සුනාට පසුව ෙච්තනාවන් ඇතිකරගන්නවා. මේ ෙච්තනාවල තිබෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම..

එසේ නැතිනම් ඔබ මෙසේ සිතනවා. "අනේ මම අනුන්ට උපස්‌ථානයක්‌ කරන්න ගිහිල්ලා, අනුන්ට තේ හදන්න, කෑම හදන්න ගිහිල්ලා මාව පිළිස්‌සුනේ. මේක ලොකු පිනක්‌. මට දිව්‍ය මනුෂ්‍ය සැප ලැබෙයි. මට මිනිස්‌සු ප්‍රසංශා කරයි. මගේ ගුණවත්භාවයට මිනිස්‌සු ගරුකරයි. අනේ මම පිළිස්‌සුණු වේලාවේ මිනිස්‌සු මට ගොඩක්‌ උදව්කළා. එයා ළඟ නොසිටියානම් මීට වඩා මාව පිච්චෙනවා. අනේ මාව පිච්චුන වේලාවේ මට අහවල්ලු ගොඩක්‌ මගේ දුක සැප බැලුවා. දෙවියන් මට උදව්කළා"

මේ විදිහේ කුසල් ෙච්තනාවන් ඇතිකරගන්නවා. මේ දෙආකාරයේම ෙච්තනාවන්ගෙන් අතිවුනේ කුසල් සහ අකුසල් සංස්‌කාරයන්මයි. එසේ නොමැති නම් ඔබ ඔබේ සම පිළිස්‌සීම ගැන උපේක්‍ෂා සහගත වෙන්න පුළුවන්. "මොනවා කරන්නද වෙච්චි දේ වුණා. දැන් ඉතින් පරෙස්‌සම් වෙන්න ඕනේ. උණුවතුරෙන් ගින්දරින් ඈත් වෙලා ඉන්න ඕනේ. පිච්චුණු තුවාල කැළල් ටික ඉක්‌මනින් හොඳකරගන්න ඕනේ. එසේ නොවුණහොත් සම කැතවේවී"

එයා උපේක්‍ෂාවෙන් යුතුව නැවත මෙවැනි දෙයක්‌ නොවන්න ඇතිවූ තුවාල කැළල් නොමැතිව සනීප කරගන්න උත්සහ ගන්නවා. තරමක්‌ අඩු ස්‌වභාවයෙන් වුව, මේ උපේක්‍ෂාව තුළ තිබෙන්නේත් ඇලීම, ගැටීමමයි. එසේ නොමැතිව අවබෝධය නොවේ. එයා උත්සහ ගන්නේ එයාගේ කය උණුවතුරින් ආරක්‍ෂා කරගන්න. තුවාල කැළැල් මකාගන්න. මේ ආකාරයෙන් එකිනෙකට වෙනස්‌වූ ෙච්තනාවන්ගෙන් ඔබ මොකක්‌ද දකින්නේ. ෙච්තනාවේ අනිත්‍යභාවයයි. අනිත්‍යභාවයේ වේගයයි. මේ අනිත්‍යභාවයට පත්වන ෙච්තනාවන් ඔබට කුසල් අකුසල් කර්ම රැස්‌කරලා දීලයි අනිත්‍යවී යන්නේ. මේ කර්ම විපාකයන් හේතුවෙන්, නැවත ප්‍රතිසන්ධියකට, ඉපදීමකට, නැවත නාම රූපයකට බැසගැනීමට අවශ්‍ය විඥානයන් සකස්‌වෙනවා.

දැන් ඔබ බලන්නකෝ ඔබේ ඔය ලස්‌සන සමට උණුවතුර ටිකක්‌ වැටුණු මොහොතේ තවත් ඉපදීමකට, කයකට බැසගැනීමට අවශ්‍ය සාධක ඔබ සකස්‌කරගන්නවා. ඒ ඔබේ අදක්‍ෂභාවය නිසයි. නමුත් ඔබ ස්‌පර්ශය නිසා හටගත් වේදනාව අනිත්‍ය බව දුටුවානම් මේ වේදනාව අනිත්‍ය බව හඳුනාගත්තා නම්, මේ නාම රූප දෙකෙන් මිදීමට, නිරෝධයට මාර්ගය සකස්‌කරගන්න ඔබට තිබුණා. ඒත් ඔබ ස්‌පර්ශය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂ වුනේ නැහැ. මුලින්ම ශරීරයට ස්‌පර්ශ වුනේ උණුවතුර. ඊළඟට ඇල් ජලය. බටර්, ගිතෙල්, බිත්තර සාරු, කෝමාරිකා ඉස්‌ම, බටහිර ඖෂධ..... වෛද්‍යවරයාගේ, හෙද සොයුරියගේ, උපස්‌ථායකයාගේ දෑතේ ස්‌පර්ශය. මෙවැනි එකිනෙකට වෙන්වූ ස්‌පර්ශයන් නිසයි ඔබ සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම් ලැබුවේ. සැප, දුක්‌, උපේක්‍ෂා ලෙසින් විඳීම් වෙනස්‌ වූයේ ස්‌පර්ශයේ අනිත්‍යභාවය නිසාමයි. වේදනාවද අනිත්‍යය භාවයට පත්වන නිසයි. සිනිඳු දෑතක්‌ තුවාලය පිරිමදින විට දැනෙන සැප වේදනාව, එම සිනිඳු දෑතින්ම දැවිල්ල බෙහෙත් තුවාලයට දැමූවිට දුක්‌ වේදනවාන් බවට පත්වෙනවා. හේතුව ස්‌පර්ශයේ අනිත්‍යභාවයයි. මේ සටහන භික්‍ෂුවක්‌ ලැබූ අත්දැකීමක්‌ හේතුවෙනුයි සටහන් කළේ.

මේ සටහන තබන දිනයේ උදේවරුවේ තමන්ගේ කළ්‍යාණ මිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමක්‌ රෝගී වීම නිසා පැන් පහසුව වීම පිණිස ලොකු භාජනයකට උණුවතුර සකස්‌කර තිබුණා. භාජනය ලොකුයි. එහි කට ළඟට පිරෙන්න උතුරන උණුපැන් පිරිලයි තිබුණේ. භික්‍ෂූන්වහන්සේලා දෙනමක්‌ මේ උතුරන පැන් හැලිය ඒ භාජනයේ රවුම් ආධාරක දෙකෙන් ඔසවා, ගිලන් ස්‌වාමීන්වහන්සේ පැන් පහසුවෙන ඊට යාබද ස්‌ථානයකට ඔසවාගෙන ගියා. ඒ මොහොතේ එක්‌ භික්‍ෂුවක්‌ උණුපැන් හැලිය ඔසවාගෙන යමින් සිටි ආධාරකය (හැඬලය) ගැළවී, උණු පැන් හැලිය එම භික්‍ෂුවගේ දෙපා මතට හැලුනා. එම භික්‍ෂුව පිලිස්‌සීම නිසා ඉවත්වෙන්න උත්සහ කළත්, උණුවතුර අවට විසිරී තිබීම නිසා නැවත නැවත පා තබන්ට සිද්ධ වුනේ උණු ජලය මතටමයි. ඒ වන විටත් බුබුලු නංවමින් උතුරමින් තිබූ උණුජලය දෙපා මතට වැටෙද්දී කෙනෙකුට සිතන්න පුළුවන් දෙපා දිය බුබුලු වලින් පිරේවී කියලා. ඒත් එක දිය බුබුලක්‌වත් ආවේ නැහැ. ඒත් දෙපා තද රතුපාට වුණා. ඉදිමුණා. ඒ වුනත් පසුවදා එයද නැතිව ගියා.

සැබැවින්ම මෙතැනදී ආශ්චර්යයක්‌ සිද්ධවෙලා තියෙනවා. ඔය සිදුවීම වෙන්න විනාඩි දහයකට විතර පෙරාතුව එම භික්‍ෂුව දැකලා තිබෙනවා ඔය ස්‌ථානයේ දිව්‍ය ආලෝකයක්‌ මතුවී නැතිව යනවා. මේ දිව්‍ය ආලෝක සංඥාව විසින් භික්‍ෂුවට පෙන්නුම් කරලා තිබෙන්නේ මේ ස්‌ථානයෙන් ඉවත්ව යන්න කියලා. ඒත් තමන් කළ්‍යාණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකට කරන උපස්‌ථානයක්‌ නිසා, මෙතැනින් යායුතු යෑයි තමන්ට ඇතිවූ සිත එම භික්‍ෂුව විසින් අනිත්‍ය වශයෙන් දැක අතහැරලා. ඇයි දන්නවද දෙවියන් ආලෝකයක්‌ වශයෙන් පෙනී සිටියේ. පිංවත් දෙවියන් දුටුවා මෙම ස්‌ථානයේ දැඩි අමනුෂ්‍ය බලවේගයක්‌ ක්‍රියාත්මක වන බව. ඒ ක්‍රියාත්මක වූ මාර අමනුෂ්‍ය බලවේගය තම කුරිරු අරමුණ කෙසේ හෝ ඉටුකරගත්තා. ඒ උණුවතුර හැලියේ හැඬලය කඩා දමා බුබුලු දමන උණුවතුර භික්‍ෂුවගේ දෙපා මතට දැමීමෙන්. ඒ ක්‍ෂණයෙන් අර දිව්‍ය බලවේගය ක්‍රියාත්මකවී එම උතුරන උණුපැන් යම් පමණකට සිසිල් කළා සේම භික්‍ෂුවගේ අතහැරීමේ පුරුද්ද නිසා නටන උණුවතුරත් භික්‍ෂුවගේ සිත අතහැරීම ඉදිරියේ පරාජයට පත්වුණා. මේවා එම භික්‍ෂුවගේ ජයග්‍රහණයන් නොවේ. ධර්මයේ ජයග්‍රහණයක්‌. ධර්මයේ ආශ්චර්යයක්‌. හැබැයි ඉහතින් සටහන් කළේ භික්‍ෂුව අනුමාන කළ දෙයක්‌. එය වැරදි වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් භික්‍ෂුවගේ දෙපා මතට උණුවතුර වැටී පිළිස්‌සුනේ තමන් සසර කළ කර්ම බලයක්‌ නිසාමයි. ඒක නම් නොවෙන්න විදිහක්‌ නැහැ. අපිම කරපු දෙයක්‌ තමයි අපට සිද්ධවෙන්නේ. මෙවැනි සිද්ධි වලින් අපිට තව එක දෙයක්‌ පැහැදිලි වෙනවා. කැළෑවල, ආරණ්‍ය වල නිවන් මඟ වඩන, සැබෑ ලෙසම අතහැරීම තුළ ප්‍රතිපදාව වඩන භික්‍ෂූන්ගේ ආරක්‍ෂාව උදෙසා කැලෑ තුළ" මිත්‍යදෘෂ්ඨික බලවේග සමග සම්‍යක්‌දෘෂ්ඨික බලවේග ගැටෙනවා. සම්‍යදෘෂ්ඨික බලවේග නිතරම පෙනීසිටින්නේ, මිථ්‍යදෘෂ්ඨික, පිනට අකමැති, කුරිරු බලවේග වලින් භික්‍ෂූන් ආරක්‍ෂා කරගැනීමටය.මේ කුරිරු බලවේග භික්‌ෂූන්ට යම් කරදරයක්‌, විපතක්‌ අත්වැරැද්දක්‌ වෙනතුරුම බලාගෙන සිටිනවා, ඒ අත්වැරැද්ද මහා විනාශයක්‌ බවට පත්කරන්න. එහෙත් මේ පාපකාරී බලවේග, භික්‌ෂූන්ගේ සිත අතහැරීමේ ක්‍රියාවලිය ඉදිරියේ පසු නොබලාම පලායනවා. නැවත නැවත පීඩාකරනවා. අතහැරීමේ ක්‍රියාවලිය ඉදිරියේ සම්‍යක්‌දෘෂ්ඨික බලවේග භික්‌ෂූන්ගේ ආරක්‌ෂාව උදෙසා නිරතුරුව පෙනිසිටිනවා. උපකාර කරනවා. දෙවියන්ද සතුටුවෙනවා. අනුමොදන් වෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
වැඩිවිස්තර
      edit

Monday, September 22, 2014

Published 9:00 AM by Indika Marasinghe with 0 comment

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි

මහරහතුන් වැඩි මග ඔස්‌සේ


නිල මැස්‌සයි ඔබයි
දෙන්නම දැන් සමයි


මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්‌ද. එක වගේම අකුරු දෙකයි. ෙමි පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක්‌ ගොන්නක්‌ උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්‍ෂ වුවහොත් තව කොතෙක්‌ නම් දුක්‌ මතුවට ඔබට උරුමකොට දේවිද?

මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් ෙමි පැමිණි දුර කොපමණක්‌ද? මම කියන බීජයෙන් ලැබුණු අස්‌වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. මම වගා කරමින් අස්‌වැන්න නෙලනවා අපි. මේක මහා අසත් පුරුෂ වගාවක්‌. අලාභදායක වගාවක්‌a. ලැබෙන අස්‌වැන්න ජාති,ජරා,ව්‍යධි,මරණමයි. ඒ කියන්නෙ දුකයි. zමමZ කියන කෙනාට, zමගේZ කියන කෙනාට කවල, පොවල, පෝෂණය කරල, තාන්නමාන්න, කීAර්ති ප්‍රශංසා ලබාදීලා. පුම්බල, ගරුගාම්භීර කරල...

මේවායෙන් ලැබෙන අස්‌වැන්න තමයි දුක. මේ දුක ඔබ පසුපසින් සෙවනැල්ලක්‌සේ පන්නනකොට ඔන්න රෝහල්, ඹෘෂධ, ජ්‍යෙතිෂය, දේවාල, බෝධි පුජා හොයාගෙන අපි යනවා. ඉවරයක්‌ නැහැ. ෙමිවා දිනෙන් දින ජනප්‍රිය වෙනවා. පෝලිම් දිග වෙනවා. zමමZ කියන බර පොදිය හිස මත තබා ගෙන ඒ බර නිසාම හෙම්බත්ව, බරෙන් නිදහස්‌ වෙන්න හදනවා. පුළුවන්ද එය ඔබට කරන්න? බැහැමයි. මොකද තමාමයි ෙමි බර පොදිය කරේ තබා ගෙන සිටින්නේ. තමාගේ කැමැත්තෙන්මයි. අනුන් බලෙන් පටවපු දෙයක්‌ නොවේ. මම කැමැත්තෙන් මම පටවාගත් බර පොදියයි. ගොනෙක්‌ මත, බූරුවෙක්‌ මත, බර පටවන්නේ අනුන්. ඒත් ෙමි බර ඔබම පටවාගත් බරක්‌. මගේ ඇස, කණ, දිව, නාසය, ශරීරය, මනස මගේ කරගත්තාට පසුව ඒවාට ස්‌පර්ශවන බාහිර රූපත් මගේ වෙනවාමයි. මට අයිති නැති අධ්‍යත්මික ආයතන හය මගේ කරගත්තා වෙනුවට මට අයිති නැති බාහිර රූපත් මගේ කරගන්නාව. මගේ අම්මා, තාත්තා, බිරිද, දරුවා, සහෝදරයා, මගේ නිවස, රැකියාව, ව්‍යාපාරය, වාහනය.... මොන බරක්‌ද මේ ඔබ දරාගෙන සිටින්නේ. තව තවත් වැඩිකරගන්න හදන්නේ.

මොකක්‌ද මේ ඇහැ කියන්නේ. ඔබ සිතාගෙන සිටින්නේ හරිම සුන්දර මටසිළුටු දෙයක්‌ය කියලා. ඒකයි ඔබ ඇස්‌දෙකට පණ වගේ ආදරය කරන්නේ. ඇස සැපයක්‌ කොට දකින්නේ. ඇස නිසා සැප ලැබෙතැයි සිතන්නේ. මොකක්‌ද මේ ඇහැ? ඔබ මනසින් ඔබේ එක ඇසක්‌, ඔබේම ඇඟිලි තුඩු වලින් ගලවා උගුල්ලා ඔබේ දෑතට ගන්න. ඇසේ සුන්දරත්වය, අසිරිය ඔබට දැන් පෙනෙනවාද? මස්‌ ගොඩක්‌, ලොඳ ගොඩක්‌, හරියට සුදු හම රඹුටන් මදයක්‌ වගේ රතුපාට මසට ඇලිලා ලේ නහර එල්ලෙනවා. ලේ, සැරව, කඳුලු ගලනවා. ඔබට මේ සුන්දර ඇස අතේ තබාගන්නවත් අපුලක්‌ දැනේවී. ඔබට ඔබේම ඇස දුගඳ බව වැටහේවී. පිළිකුළක්‌ බවට පත්වේවී. මොහොතින් මොහොත ඔබේ අත්ල මත තිබෙන ඇස ගඳ ගහනවා. කුණු වෙනවා, නිල මැස්‌සන් වහනවා. ඔබට දැන් දැනෙන්න ඕනි, අනේ මේ ඇස නම් මගේ නොවේය කියලා. මේ ඇස තුළ මම නැහැය කියලා. මේ ඇස තුළ ආත්මයක්‌ නැහැය කියලා. මේ ඇස අයිති කුණු මස්‌වලට, දුගඳට, නිලමැස්‌සන්ට, ලේ, නහර, කදුළු, කබ වලට කියල ඔබට තේරෙන්න ඔනේ ලෝකයේ ජනප්‍රියම නළුවෙක්‌ නිළියක්‌ තමන්ගේ මනස්‌කාන්ත ඇස්‌ දෙක නිසා ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණන් ප්‍රේක්‌ෂකයන් පිස්‌සු වට්‌ටනවා, කාමයෙන් රාගයෙන් මත්කරනවා. මේ ඇස්‌ වලට වශී වුණු ප්‍රේක්‍ෂකයන් එක සතියකදී කෝටි ගණනක්‌ මේ ඇස්‌වල රසය ලබන්න, ආශ්වාදය විඳින්න සිනමා ශාලාවලට, රූපවාහිනියට එකතු වෙනවා. ඒ සුරූපී නිළියකගේ, නළුවකුගේ ලස්‌සන ඇස්‌දෙකත් ඉහත ස්‌වභාවමයි. ඒ සුන්දර පිංවත් නළුවෙක්‌, නිළියක්‌ සංසාරික කුසලයක්‌ මතුවෙලා තුණුරුවන් සරණ ගිහිල්ලා, ධර්මය අවබෝධ වෙලා, මා නිසා මගේ රූපය නිසා රාගයෙන්, කාමයෙන් අන්ධ භාවයට පත්වුණ ඇස්‌ ඇති රසිකයන්ට මගේ රූපයේ සැබෑ ස්‌වභාවය ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියලා, තමාට ප්‍රියකළ රසිකයන් කෝටි ගණනක්‌ යම් ස්‌ථානයකට කැඳවලා, zඔබලා මේ තරම් කාලයක්‌ රාගයෙන්, කාමයෙන්, ආදරයෙන් බැඳුණ මේ ඇස්‌ දෙක මගේ නොවෙයි, එයි සැබෑ සුන්දරත්වය දැන් ඔබලා දැකගන්න කියලා ඒ ඇස්‌ දෙක තම ඇඟිලිතුඩු වලින් උගුල්ලා රසිකයන්ට දිගු කළොත් එකම රසිකයෙක්‌වත් ඔය මස්‌ ගුළිය, ලොඳ ගුලිය, ලේ, නහර, කඳුලු, කබ ගුලිය තම අතට තබා දකින්නවත් කැමති වෙන්නේ නම් නැහැමයි. කුණුවෙන මස්‌ ලොඳය තමයි අහවලාගේ ඇස්‌ දෙක කියලා අපි ආදරයේ කළේ කියන හැඟීමෙන් තමන්ම ලැඡ්ජාවට පත්වේවි. ඔබ ඔය එළවළු මාළු ගන්න වෙළඳ පොළේ තිබෙනවා හරක්‌ මස්‌ විකුණන මස්‌ කඩ. හරක්‌ මස්‌ විකුණන විට එම මස්‌ අයිති සතාගේ හිස මස්‌ කඩේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. වර්තමානයේ එය එසේ වෙනවාද කියන්න භික්‍ෂුව නිවැරදිවම දන්නේ නැහැ. ඒ මරණයට පත්කළ ගවයාගේ හිස කොටසේ තිබෙන ඇස්‌ දෙක ඔබ බලන්න. එය මහා අනුවේදනීය දර්ශනයක්‌. ඇස විශාල වෙලා, කළුඉංගිරියාව උඩ ගිහිල්ලා, ඇස ඉදිමිලා, කඳුලු පිරිලා, ඒ කඳුලු මිදිලා. ඔබ මේ සතාගේ ඇස්‌ දෙක උගුල්ලා ඔබේ අතට ගත්තත්, අර සුන්දර පින්වත් නළුවාගේ , නිළියගේ ස්‌වභාවයමයි. වෙනස තිබෙන්නේ ලොකු කුඩා බව පමණකි. දැන් ඔබට තේරෙනවාද ඇස කියන්නේ කුමක්‌ද කියලා. මේ ඇස තද භාවයෙන්, දියර ස්‌වභාවයෙන්, වායු ස්‌වභාවයෙන්, උණුසුම් ස්‌වභාවයෙන් සෑදුණු රූපයක්‌ පමණක්‌ම බවයි. තද ස්‌වභාවයෙන් තමයි මේ ඇස හැඩ ගන්වලා තිබෙන්නේ. දියර ස්‌වභාවයෙන් තමයි ඇසේ කාන්තිය, දීප්තිය ඇතිකරලා තිබෙන්නේ. වායු ස්‌වභාවයෙන් තමයි ඇස පුම්බලා තබා තිබෙන්නේ. උණුසුම තමයි ඇස ප්‍රකෘතිමත්ව තබා තිබෙන්නේ. උණුසුම අනිත්‍ය භාවයට පත්වෙන මොහොතේම ඇස විකෘති වෙනවා, කුණු වෙනවා, නරක්‌ වෙනවා, ලෙඩ වෙනවා, ඇසේ නගන එනවා, සුද එනවා, කබ කඳුළු එනවා, සැරව ලේ එනවා.

ඇස මැරි මැරී උපදින රූපයක්‌. එම රූපයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ තමයි ඉහත සඳහන් කළේ. මේවා දකිනවිට අපි කම්පා වෙනවා. දුක්‌ වෙනවා. වෛද්‍යවරු සොයාගෙන යනවා. ඇයි ? මේ ඇස්‌ දෙකේ දුකින් මිදෙන්න. ඇස උපදින තාක්‌කල්ම ඔබට ඇසේ ඇතිවන ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදෙන්න බැහැ. ඇස කියන්නේ මස්‌ ගොඩක්‌. ඒක කුණු වෙනවා. වැගිරෙනවා. ගඳ ගහනවා. එය මසේ ස්‌වභාවයයි. යමෙක්‌ මසට ආදරය කරනවා නම් ඔහු කුණුවීමට, දුර්ගන්ධයට, වැගිරීමට කැමතිවෙන්න ඕනේ. දැන් ඔබට තව තවත් වැටහෙන්න ඕනේ ඇස කියන්නේ මොකක්‌ද කියලා.

මස්‌ ගොඩක්‌, ලේ නහර ගොඩක්‌. මෙහි හැඩගන්වන්න, පරෙස්‌සම් කරන්න, නලවන්න දෙයක්‌ නැහැ. පඨවියේ සියුම් භාවය, වායෝ ධාතුවේ පිරුණුබව විසින් ආපෝ ධාතුවේ දිළිසෙන දිය ස්‌වභාවය විසින් තේජෝ ධාතුවේ උණුසුම, ප්‍රකෘතිමත්භාවය විසින් ලස්‌සනට හැඩගන්වලා දිගැටි, රවුම්, සියුම්ව ඉපදුනු රූපයක්‌ ඇස.

මේ කුණු ඇස නිසා ඔබ මොනතරම් රූප මගේ කරගත්තාද? ඔබ විවාහක නම් ඔබ සිතන්න යම් දවසක ඔබ ඔය ඇසෙන් රූපයක්‌ දැක්‌කා. ඔබම නිශ්චය කළා එය ලස්‌සනයි, සුන්දරයි කියලා. රූපය නිසා සකස්‌වුණු සිත් පරම්පරාව, zඑයා ලස්‌සනයි, එයා හැඩයි, එයා මට ගැලපෙනවා. එයා උසයි, කොණ්‌ඩෙ දිගයි.....Z අන්න ඔබ ඒ රූපයට බැඳෙනවා. ඔබ ඒ රූපය අයිති කරගන්න කැමති වෙනවා. ඇස නිසා හටගන්නාවූ කැමැත්තට ඔබ ඇලෙනවා. තන්හාවක්‌ ඇතිකරගන්නවා. ඇයගේ රූපය මගේ කරගන්න හදනවා. දැන් මොකක්‌ද මේ මගේ කරගන්න හදන්නේ. ඇස නිසා හටගත්තාවූ කැමැත්ත. දැන් ඇස කියන්නේ මොකක්‌ද? අර ඇඟිලි තුඩු වලින් උගුල්ලලා ඔබේ අත්ලට ගත් මස්‌ ගුලියයි. ඒ ඇස නිසා ඔබ දැන් අයිතිකරගන්න යන්නේ කාවද? තවත් රූපයක්‌. ඒ කියන්නේ තවත් කුණුවෙන මස්‌ ගොඩක්‌. ඇසේ ස්‌වභාවයත්, ඇස කැමතිවූ රූපයේ ස්‌වභාවයත් යන දෙකම කුණුවෙන මසට, කුණුවෙන ලෙයට, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට අයිති දෙයක්‌මයි. මෙහෙම දෙයක්‌ තමයි ඔබ නැකත් බලලා, පෝරුවට නැගලා, දෑඟිලි බැඳලා,ජයමංගල ගාථා කියලා භාරගන්නේ. මගේ කරගන්නේ. මගේ කරගැනීමේ තෘශ්ණාවේ බලවත් භාවය නිසා ඔබ සෑහිමකට පත්වුණේ නැහැ. ඉහත චාරිත්‍ර වලින් පමණක්‌ ඇය ඔබේ කරගැනීම ගැන. ඔබ තුළ බියක්‌ ඇතිවුණා, ඇය ඔබට අහිමිවේය කියලා. ඇයව ඔබගෙන් කවුරුහරි උදුරගනී කියලා. ඇය ඔබව අතහැරලා යාවී කියලා. ඒ නිසා ඔබ ඇයව රජයේ ලියාපදිංචි පොතේ ලියලා, සාක්‍ෂිකාරයෝ දෙදෙනෙක්‌ සමඟ අත්සන් කරලයි අරගෙන එන්නේ. ඇය අහිමිවේය කියන උපාදානයේ බලවත්කම නිසා ඇයගේ අයිතිය ශක්‌තිමත් කරන්න ඕනේ, නිත්‍යානුකූල කරගන්න ඕනේ, කව්රුහරි මෙයාව මගෙන් උදුරාගත්තොත් මට උසාවි ගිහින් හරි මෙයාව ලබාගන්න පුළුවන්, නීතිsය ඉදිරියේ බැඳුණු නිසා මෙයා මාව දාලා යන්නේ නැහැ......

කොහොම බැඳීමක්‌ද බැඳගත්තේ, අල්ලාගත්තේ, උපාදානයකර ගත්තේ?

මස්‌ ඇසක්‌ නිසා, තවත් මස්‌ ගොඩකට කරගත්ත බැඳීමක්‌......

ඇසේ කැමැත්ත නිසා තමන් තවත් බරක්‌ කරට ගත්තා. මේ බර වැඩී කියලා, මේ ඇතිය කියලා සෑහිමකට පත්වෙනවාද? නැහැ. සෑහීමක්‌ නැහැ. සංසාරයක්‌ පුරාවට ගොන්නු වෙලා, බූරුවෝ වෙලා, අලි ඇතුන් වෙලා ඇද්ද බරත් සමග ගනිද්දී, ප්‍රේතයො, නිරිසතුන්, තිරිසන් සතුන් වෙලා වින්ද දුක්‌ සමග ගනිද්දී, දෙවියෝ මනුෂ්‍යයො වෙලා මගේ කොටගත් රූප ජාති, ජරා, ව්‍යධි, මරණ සමග ගනිද්දි, අනේ මේ සහේට ගත්ත බිරිඳ, සැමියා මොන බරක්‌ද කියලයි ඔබට දැනෙන්නෙ. මේ රූපය ඔබට තවත් සතර අපායක, මනුෂ්‍ය, දිව්‍ය ලෝකයක දුක සහ බර දැරිමට උරුමයක්‌ සකස්‌කරදෙන කෙනෙක්‌ය කියල දකින්නෙ නැහැ. මේ අයට මේ බර මදි. මේ සැහැල්ලුව දරාගන්න බැහැ. සංසාරයේ ඇද්ද බර සමග සසදන කොට ඔන්න දෙන්නාට හිතෙනවා අනේ අපේ ජීවිතේ කිසි පිරිච්ච බවක්‌ නැහැ, පාළුයි වගේ. බලන්නකො අපේ ලොකු අක්‌කල, ලොකු අයියල දරුවො එක්‌ක කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නෙ කියලා. බර වැඩිවෙන වැඩිවෙන තරමටයි ඒගොල්ලෝ ජීවිතයේ පිරිච්ච බවක්‌ දකින්නෙ. දැන් මේ ජීවිතයේ පිරිච්ච බවක්‌ ඇති කරගන්න හදන්නේ. ඒ අය බරට කියන්නේ, දුකට කියන්නේ පිරුණු බව කියලා. බරක්‌ දුකක්‌ නැතිනම් පාළුයි කියලා. මොනතරම් සානුකම්පිත වචන පබැඳුම්ද. මේ මාරයාගේ ශබ්ද කෝෂයේ වචන හරිම සුන්දරයි. තාරුණ්‍යයේ හදවත් මේ වචන වලට හරිම ලෙන්ගතුයි. මේ වචන ලෝදියෙන් හින්දපු චතුමධුරක්‌ වගෙයි. පැහැය, රසය, ගුණය සියල්ලම තිබෙනවා. හැබැයි අනුභව කළොත් පිච්චෙනවාමයි. දුකටපත්වෙනවාමයි. මේ පිච්චිල්ල සත්වයාටනම් ගාණක්‌ නැහැ. මොකද zමමZ හැදිලා තිබෙන්නේ තේජෝ ධාතුවක්‌ උපයෝගී වීමෙන් නිසා. ඔය ගින්න, ඔය පිච්චීම ජීවිතයේම කොටසක්‌, සාමාජිකයෙක්‌. අනවබෝධය නිසා ගින්නත්, උණුසුමත් මගේ කර ගන්නවා. මවකගේ උණුසුම, පියකුගේ උණුසුම, බිරිඳ, සැමියාගේ උණුසුම, දරුවාගේ උණසුම, පෙම්වතාගේ පෙම්වතියගේ උණුසුම මේ උණුසුමෙන් රත්වෙන්න zමමZ හරිම රුසියෙක්‌. රූපය නිර්මාණය වෙන්න දායකවුණ තේජෝ ධාතුව මගේ කරගන්නවා. මගේ වසඟයේ පවත්වා ගතහැකි දෙයක්‌ හැටියට ගන්නවා. දකින්නේ නැහැ, දන්නේ නැහැ මේ රූපයේ විඥානය පහව ගියාට පස්‌සේ මේ zමමZ මළකඳක්‌ වෙනවා කියලා. ඇතිවෙමින් නැතිවෙමින් ගලාගෙන පැමිණි රූපය zමමZ තුළ බැසගත්තාවූ විඥානය පහව යනකොට තේජෝ ධාතුව පහව යනවා. ඒ කියන්නේ උණුසුම නැතිවෙලා යනවා. පරිප්පු ව්‍යාංජනයක්‌ රත් නොකළොත් පසුවදා උදයට එය පිළුණු වෙනවා වගේ රූපයෙන් තේජෝ ධාතුව තුනී වෙනකොට මේ රූපය කුණු වෙනවා, පිළුණු වෙනවා. උණුසුම නැති නිසා. පඨවි, ආපෝ, වායෝ ධාතූන් අධික්‍රියාකාරිත්වයට පත්වෙනවා. වායෝ ධාතුව විසින් පඨවිය ඉදිමීමට පත්කරනවා. ආපෝ ධාතුව විසින් පඨවිය කුණු කරනවා. මොන හිරිකිතියක්‌ද, මොන අපුලක්‌ද?

මේ ගාම්භීර zමමZ කුණුවෙන, ඉදිමෙන මළකුණ ඔබමයි. ඔබේ මව, පියා, සැමියා, බිරිඳ, දරුවා, පෙම්වතා, පෙම්වතියමයි.

හැබැයි උණුසම දැන් නැහැ. තිබෙන්නේ සීතලක්‌, දුගඳක්‌ පමණයි. ඔබ ඔහුගේ ඇයගේ උණුසුමට ප්‍රියකළා සේ දැන් එම මළකුණේ සීතලට, දුගඳට ප්‍රියකරන, එය උපාදානය කරගත් පිරිසකුත් සිටිනවා. එම ස්‌වභාවයම මගේ කරගන්න පිරිසකුත් සිටිනවා. ඒ තමයි නිල මැස්‌සෝ. ඔබ උණුසුම් කය සැපයක්‌ කරගත්තා. නිලමැස්‌සෝ ශීතල කය සැපයක්‌ කරගෙන එයට ලොල්වෙනවා. ජීවත්ව සිටියදී ඔබ මගේ කරගත් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, පෙම්වතා, පෙම්වතියගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සැපයක්‌ කරගත්තා සේම එම රූපය මළකඳක්‌ බවට පත්වුණ මොහොතේ ඒ ඇස, කණ, නාසය, දිව, ශරීරයම කබරයින්, නරියන් වැනි කුණු මසට ලොල් සතුන් තළු මර මරා, වමාර වමාරා රස බලනවා. සැපයක්‌ කොට ගන්නවා. රූපය ඔබ නුවනින් දකින්න. ඔබ කර තිබෙන්නේ අර තිරිසන් සතුන් කළ දෙයම නේද?

තිරිසන් සතුන් කන මස්‌ කැබැල්ලක්‌ පාසා, හැපෙන මස්‌ කට්‌ටක්‌ පාසා, කුස පිරෙන මොහොතක්‌ පාසා, දුගඳ හමන මස්‌ කැබැල්ලක්‌ පාසා පිනවූයේ, පිනවුනේ තිරිසන් සතාගේ ඇස, දිව, කන, ශරීරය, නාසයමයි. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී ඔබත් කළේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඔය ටික පිනවීම පමණමයි. බලනකොට ජීව මසට ලොල්වූ ඔබත්, අර කුණු මසට ලොල්වූ තිරිසන් සතාත් අතර ඇති වෙනස කුමක්‌ද? දැන් අපි හිතන්න ඕනේ අපි අර තිරිසන් සතාගේ, මසට ලොල් වූ සතාගේ ස්‌වභාවයෙන් ඉදිරියට යන්න ඕනෙ කියාලා. තේජෝ ධාතුවෙන් උණුසුම් කරපු මම - මගේ කියන මස අපි රස බලනවා. රූපය අපි රස බලනවා. ආපෝ ධාතුවෙන් සීතල කරපු මළකුණ තිරිසන් සතා රස බලනවා. වෙනස එපමණයි. රූපය අනිත්‍ය බව දකින්න. රූපය තුළ මම නැහැ කියලා දකින්න. ඇස නිසා දුකට පත් නොවන්න. ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න. ඇස නිසා, ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්‍ෂයෙක්‌ නොවෙන්න. මෝහයේ සළුපිලි වලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම බාහිර රූපයනුත් නිරතුරුව ප්‍රඥාවෙන් නිරුවත් කර බලන්න. ලැඡ්ජාවෙන්න එපා, බිය වෙන්න එපා. එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතන සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැමයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
වැඩිවිස්තර
      edit

Saturday, September 20, 2014

Published 1:11 PM by Indika Marasinghe with 0 comment

ආනාපාන සති භාවනාව

ආනාපාන සති භාවනාව

භාවනා ක්‍රම දෙකෙකි. ශමථ භාවනා, විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යට පත් වෙයි. සමහර ශමථ භාවනාවකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අපර්ණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථාතත්ත්වය දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදී මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසනැ සියලු කෙලෙස් නසා රහත් බව පැමිණෙයි.
ආවරණ තුන
භාවනාවෙන් උසස් ඵල ලැබිය හැකිකේ කර්‍මාවරණ , විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සාහවතා විසිනි.
කර්‍මාවරණ යනු මවු මැරීම්, පියා මැරීම් ආදී ආනන්තර්ය පාපයක් කර ඇති බවය.

විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නො ලත් බවය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන මාර්ග ඵල කිසිත් ලැබිය නො හැකිය.
ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිත්‍යාදෘෂ්ටිකයෝත්, උභතෝව්‍යංජකයෝත්, නපුංසකයෝත්
පරිබෝධ
භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි.
ආවාස යනු වාසස්ථානයයි. බඩු බාහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එ වැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.
කුල යනු නෑදෑ පිරිසය, උපස්ථායක (දායක) පවුල් ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීම ද යෝග කර්මයට බාධකයෙකි.
ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දැයි පින් ඇති ලාභී භික්‍ෂු නමට ගිය ගිය තැන් සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නො ලැබේ. යෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතු.
ගණ යනු පිරිවර යි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත් ය. ගිහියාට සිය නෑදෑ පිරිස් ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදීහු ය. ඉගැනුම් ආදිය සඳහා යම් යම් අය නිතර එන්නට වුවොත් යෝගියාට භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූ දරු ආදීනට තමා ගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනකුට පවරා එකලා විය යුතු.
කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන් අයෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.
ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවල දී ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.
ඥාති යනු නෑදෑයෝ ය. මා පියෝ ආචාර්ය උපාධ්‍යායයෝ සහෝදර ආදීහුය. ඔවුනට තමා ගෙන් ඉටු විය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වග කීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නීරෝග වූ පසුව තමා ගේ භාවනා කාර්යය ඇරඹිය යුතු. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීමට සමත් විශ්වාසි කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස් ව භාවනා කර්මයට බැස්ස යුතු.
ආබාධ පරිබෝධය යනු තමාට වැළඳී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතු. සුවය ලැබීම දුෂ්කරවී නම් ‘මම මේ රූප ශරීරයට වහල් නො වෙමි’ යි ඉටා සිතට ධෛර්යය නංවා රෝගය මැඩ කමටහන් වැඩීමෙහි යෙදිය යුතු.
ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්ම යි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නො හැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත් ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතු. පොත් පත් ලිවීම් ආදී කටයුතුත් මෙසේ ම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතු.
සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධිය භ. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සමවැදීම් ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වුවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇලී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නො ලැබේ. එබැවින් එ වැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරඹිය යුතු. සෘද්ධිබාධක වන්නේ විදර්ශනා වැඩීමට යි.
කල්‍යාණ මිත්‍රාශ්‍රය. මෙහි දැන් කී පරිදි බාධකයන් දුරු කොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීම යි.
ප්‍රධාන ම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ආචාය¸වරයා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති තැන අසු මහා ශ්‍රාවකයන් ගෙන් කෙනකු ආචාය¸ කැරැගත යුතු. එසේත් කෙනකු නො ලදෝ අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතු. රහත් නමක්ද නොලදොත් සකෘදාගාමියකු ද, එසේ වූ කෙනකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතු.
රහත්හු අනාගාමිහු සකෘදාකාමීහු සෝවාන්හු මම මෙනම් අධිගමයක්ලබා ඇත්තෙක්’මි යි අනුන්ට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විදසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනකු බව දැන ගත්තොත්, ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආය¸ තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසි යහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබා ගත හැක්ක.
සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නො හැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයෙකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ.
“පියො ච ගරු භාවනිය්‍යො
වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා
නො චාට්ඨානෙ නියෝජයෙ”

ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් පි‍්‍රය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නො මැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙරුනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන ඇසුරු කරන ශිෂ්‍යා නො නිසි අතෙක නො යවන්නෙකි.
මෙහි කී ගුණාංවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනා වැඩිය යුතු.’
අනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතු. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නො හැකි වුවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සදහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව බවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පොරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතු.
ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යී කී පරිදි උවදුරු නැති ආරාණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මූලකට හෝ කිසිම කෙනෙකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතු. එහි තමා ඉදීමට නියම කොට ගත් තැන අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරගත යුතු යි.
සමහරු දණ නමා බද්ධප¸ංකයෙන් හෝ හසරමිණීය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉඳිනු නො හැක්කෝ ය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසු ය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳ ගත යුතුය. ඇතිරිලියෙක, පැදුරෙක, මෙට්ටයක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටු කොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතු ය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි”යි අධිෂ්ඨාන කළ යුතු.
මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නො හැකි අය අඩු ම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැ ගත යුතු ය.
ආරම්භය
භාවනා වඩන හැම කෙනෙකු විසින් ම පළමු කොට බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව හෝ කායගතාසතියද, “ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතු.
බුද්ධානුස්සතිය යනු බුදු ගුණ මෙනෙහි කිරීමයි. බුදු ගුණ මෙනෙහි කරන්නහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නීරෝගී වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.
මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි. අශුභ භාවනාව හෝ කායගතාසතිය වඩන තැනැත්තෝ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නො වෙයි. ඇතැම්විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නො මඟ යවන්නට, දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නො රැවැටෙයි.
මරණාස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වන කෙනෙකු බව සැලකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසිත නොවෙයි.
බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපාන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතු. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන් ගත යුතු. ආත්මසන් නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්‍මස්ථාන දෙන ආචාර්ය වරයාට සිතින් පරිත්‍යාග කළ යුතු.
සමහර විට භාවනාවෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. ඒ එ බඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි.”යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි”යි නොසලකා බිය නො ගෙන ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නො කොට ඒ අරමුණු නො තකා හැර භාවනාව දිගට ම කැරැගෙන යැමෙහි සමත් වෙයි.
ආනාපාන සමාධිය
ආනා යනු ආශ්වාස වායුව යි. ආපන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතු යි. භාවනානු යෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අටසිල්, දසසිල්, යන තමා රිසි ශීලයක් සමාදන් ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතු යි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනවින් පිහිටා පිරිසුදු වියැ යුතු.
සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ) ආනාපාන සති සූත්‍රයේත්, ආනාපාන සතිය සදහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ” සො සතො ව අස්සසති සතො’ව පස්සසති’යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේ ම හුස්ම (ඇද ) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි’ යනු යි.
මේ පළමු අවස්ථායෙහි ඇතුල් වන හුස්මත්, පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දිග අයගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාසාග්‍රයේ ය. (නාසයේ අග ය) හුස්ම පිට වීමේ දී අන්තිමට ම හැපෙන්නේ ද නාසිකාවේ අගය.
නාසය හුස්ම (කොට) අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින් ම හැපෙන්නේත්, හුස්ම පිට කිරීමේ දී අන්තිමට ම හැපෙන්නේත් උඩුතොලෙහි ය. යෝගාවචරයා තමාගේ හුස්ම ඇතුල් වීමේ දීත් පිට වීමේ දීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත්, පිට කිරීමට වත් උත්සාහ නො කළ යුතුයි. ස්වභාවයෙන් ම (ඉබේම) සිදු වන හුස්ම ඇතුල් වීමටත්, පිට වීමටත් එසේ සිදු වන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත්, පිට වන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතු.
එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතු ව සිතින් එය සැලකිය යුතුයි. සිතට නො දැනී කිසි ම හුස්මක් ඇතුල් වන්නට හෝ පිට වන්නට නොහැකි වනුවට නිතරම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත්වන ම හින්ද යුතු. අන් කිසි ම අතකට සිත නො යවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මුල දී ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි.
සිතේ එකග බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හිම පිහිටුවිය යුතු. සමහර කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමැති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇතිවේ. පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වුව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත් බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්‍ෂිප්ත නො වන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වුවද ගත විය හැක්ක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නොසැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියා මාර්ගය ඇරඹිය යුතු.
ගණනාව
මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීම යි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතු යි. ඒ දෙක ම මිශ්‍ර නො කළ යුතු යි. එය කරනුයේ මෙසේ යි.
හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල් වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක “යි සිතින් ගිණිය යුතු. ඊළඟ වාරයේ එ තැන හුස්ම හැපෙන තුරු ම ‘එකයි එකයි එකයි’ සිතින් ගණිමින් එ තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. එ තැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතු. ඊළඟට එ තැන හුස්ම ඛ්ැපුණු විට ‘දෙකයි දෙකයි (සිතින්) කිය යුතු යි.
තුන්වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතු. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතු. මේ පළමු වටය යි. ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් වන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් “එකයි “ කියා ගිණීම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතු යි. මේ තුන් වන වටය යි” යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණීම පටන්ගෙන අට වන වාරය තෙක් ම යැ යුතු. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණීම පටන් ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස් වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දස වන වාරය තෙක් ගිණිය යුතු. මේ හයවන වටය යි.
හයවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි එකයි” ගනිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතු යි. ඒ පළමු වටය යි. මෙසේ තවත් වට සයක් ගිණිය යුතු. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතු. මේ අන් අතේ යැ නො දී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේ දී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩි නැති බවට ලකුණෙකි. ගිණිමෙහි යෙදී ඉන්නා තාක් සිත හුස්ම හැපෙන තැන ම නො සැලී සිටී නම් එයින් පසු ගිණිම නතර කොට අනුබන්ධනාව පටන් ගත යුතුයි.
අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැති ව හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීම යි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි.


හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුල් වන පිට වන හුස්ම ගැන සෝදිසිමත් විය යුතු. හුස්ම හැපෙන තැන එය වැදීම ද ඊළඟ අවස්ථාව ද එ තැනින් පිට වීම දැයි එහි මුල මැද අග පැහැදිළි ව දැනෙන්නට වෙයි. සිතැ එකඟ බවවෙත්, එළඹැ සිටි සිහියෙත් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණීමේ සිට හුස්මෙහි ඕලාරික බව අඩු වී ගොස් අන්තිමේ දී හුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හෑල්ලු බවෙක් දැනෙන්නට වෙයි. සිරුර ඉහළ නැගෙන්නා සේ හෝ අහසේ පාවෙන්නා සේ දැනෙන්නට වෙයි.
මේ අවස්ථාවේ දී නාසිකාග්‍රයෙහි හෝ උඩු තොලෙහි (කලින් හුස්ම හැපුණු තැන) අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දක්නට යළිත් උත්සාහ කළ යුතු. මෙසේ සිහියෙන් නුවණින් එ තැන සිතින් මෙනෙහි කරන විට යළිත් හුස්ම වැටීම දැනෙන්නට වේ.
මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉඹුල් පුළුන් පිඩක් හෝ කපු පුළුන් පිඩක් හෝ වායුධාරාවක් (කලින් හුස්ම හැපුණු තන්හි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.
මෙ තැන් සිට සිත බැඳ තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තෙහි ය. එය අතුරුදහන් විය නො දී යළි යළි එය සිහි කරමින් එහි ම සිත රැඳවිය යුතු. මෙසේ කරන විට ක්‍රමයෙන් කෙලෙස් සංසිදෙයි, යට පත් වෙයි.
ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩක් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මුතු ඇටක් හෝ මුතු රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුළක් හෝ මල් දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරුමඩල සඳමඩල වැන්නක්, රියසකක්, දුම් සිළුවක්, ලී කූරක් හෝ ගෙතූ දික් නූලක් බඳු දැයෙක් පෙනෙන්නට වේ. මේ ප්‍රතිභාග නිමිත්ත ය. උඩ කී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක් කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන් ගේ හැඟීමෙහි ;වනස නිසා ය.
උපචාර සමාධිය ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණයෝ යටපත් වෙත්, උපචාර සමාධිය ඇති වේ.
නීවරණයෝ නම්: කාමච්ඡන්දය (කාමාශාව), ව්‍යාපාදය (තරහව), ථිනමිද්ධය (චිත්ත චෛතසිකයන් ගේ මැලි බව), උඬච්ච කුක්කුච්චය (සිත නො සංසුන් බව හා කුකුස), විචිකිච්ඡාව (සැකය) යන පස යි.
මෙහි යෝගියාට හුස්ම ගන්නා කෙණෙහි ඇති වන සිත එකෙකි, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි, හුස්ම පිට කරන විට ඇති වන සිත අනෙකෙකි. මේ හැම එකෙකදී ම ඒවා අරමුණු කොට ඉතා ඉක්මනින් චිත්ත වීථින් ඇතිව නැති ව යන බැවින් එක් සිතෙකින් ම හුස්ම ගැන්මත්, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටීමත්, හුස්ම පිට කිරීමත් කැරේ යැ යි වරදවා නො ගත යුතු. මේ තුන් අවස්ථාවෙහි ම සිත එළඹ සිටි සිහියෙන් යුතු ව ඒ ගන්නා හුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ භාවනාව උපචාර අවස්ථාවට ද, අර්පණා (ධ්‍යාන) අවස්ථාවට ද වැඩෙයි.
‍්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළැඹ සිටි සිහියෙන් යුතුව එය නැතිවී යා නො දී රැක ගත යුතු වෙයි.
දුරු කළ යුතු සත අයෝග්‍ය වූ වාසස්ථාන, අයෝග්‍ය ගොදුරුගම, අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය ඍතුගුණය, අයෝග්‍ය ඉරියව්ව යන සතින් වෙන් විය යුතු.
අයෝග්‍ය වාසස්ථානය යනු යම් තැනෙක විසීමේ දී සිත එකඟ නො වේ නම්, භාවනා අරමුණෙහි සිත නො පිහිටා නම්, එ බඳු තැන යි. ‘මෙ තැන දී සිත එකඟ නො වේ’ යැයි යෝගියාට හැඟුණු විට එහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.
අයෝග්‍ය ගොදුරු ගම යනු ආහාර පාන සුලභ නැති තැන යි. එය හැර ආහාර පාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතු.
අයෝග්‍ය කථා සංලාප යනු තමා කරන භාවනාවට අදාළ නො වන අන් අන් දැය පිළිබඳ කතා බහය. ඒවා අසෙන විට භාවනා අරමුණෙන් ඈතට සිත යෑ හැකි ය. අන්‍ය විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවිය යුතු.
අයෝග්‍ය පුද්ගලාශ්‍රය යනු භාවනානු යෝගි නො වූ භාවනා ක්‍රියාවට අනුබල නොදෙන නානාවිධ අන්‍ය කටයුතුවල යෙදුණාහුය. ඔවුන් ඇසුරු නො කට යුතුය ය.
අයෝග්‍ය භෝජන යනු තමාට රුචි නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හැර හිතකර ආහාර පාන ලැබෙන, සැපයෙන සැටියක් පිළියෙළ කැර ගත යුතු.
අයෝග්‍ය ඍතුව යනු තම සිරුරට අහිතකර ශීතෝෂ්ණාදි ඍතු ගුණ යයි. ශීතය අධික නම් එ තැනින් ඉවත්විය යුතු. උෂ්ණ අධික නම් එයින් ද ඉවත්විය යුතු. තමාට ගැළපෙන සම ඍතු ගුණයක් ඇති පැත්තකට යෑ යුතු.
අයෝග්‍ය ඉරියව්ව ඉඳුම, සිටුම, සක්මන, සැතැපුම යනු ඉරියවු සතරයි. එහි ද යම් ඉරියව්වක් තමාට සැප නොවේ නම් එය හැර දමා සැප වූ ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතු.
දශ කුශලතා මේ අයෝග්‍ය දෑ සිතින් වෙන් ව සිතා එකඟ බව වැඩීමට උපකාරී වූ දැ දසය සපුරා ගත යුතු. එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද, හඳනා පොරෝනා වස්ත්‍ර ද පිරිසිදු කොට ගැන්ම යි.
දෙ වැන්න ඉන්ද්‍රිය සමතාව යි. ශ්‍රද්ධා ස්මෘති වීර්ය සමාධි ප්‍රඥා යනු ඉන්ද්‍රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යට පත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතු.
තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යෑ නො දී රැක ගැන්මේ දක්ෂ බවයි.
සතර වැන්න සිත පසු බස්නට නො දී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මවිචය, විරිය, පීති යන තුන් බෝධ්‍යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.
පස් වැන්න වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්ය නිසා සිතේ නො සංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි, උපේක්ඛා, සමාධි යන බොජ්ඣංග වඩා වීර්ය යේ සමතාව ඇති කැරැගත යුතු.
ස වැන්න අරතිය මැඩලීමයි. කිසි විටෙක යෝගියා ගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති, ජරා, චුති ආදි සංවේගයට කරුණු වන දැ මෙනෙහි කොට තෙරුවන් ගුණ සිහි කොට සිතේ ප්‍රසන්නතාව ඇති කැරගත යුතු.
හත් වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.
අට වැන්න සමාධි භාවනායෙහි නො යෙදුණු වුන් ගෙන් වෙන් වීමයි.
නව වැන්න සමාධිලාභීන් විටින් විට ඇසුරු කිරීම යි.
දස වැන්න සමාධි භාවනාව ගරු කොට, එයට ම නැමී, අන් අතෙක නො ගොස් සමාධියට ම මුහුණලා පැවැත් ම යි.
මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතුයි. ඒත් ප්‍රථම ධ්‍යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය සමතාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධ්‍යානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වන තුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතු. එයින් සිතැ අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථම ධ්‍යානය ඇති වේ. සතර වන රූප ධ්‍යානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.
ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සිත විතර්ක විචාර ප්‍රීති සුබ ඒකාග්‍රතා යන ධ්‍යානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැද ගෙන එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතියයි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනා ගිය ගතිය ප්‍රීතිය යි. එසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැද ගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්‍යානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිත ලැගී පැවැත් ම, ඒකාග්‍රතාව යි. එකඟ බව යි.
නීවරණ ප්‍රහාණය මේ ධ්‍යානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යට පත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.
ඒකාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්, අන් අතෙක නො යන බැවින් කාමච්ඡන්ද (කාමාශාව) මතු විය නොහී ගිලී යයි. ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විස්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යට පත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථිනමිද්ධ නීවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතු විය නො හැක්ක. මෙය විතර්කයෙන් ථිනමිද්ධ නීවරණය විෂ්තම්භන වශයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. ධ්‍යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නො සංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යට පත් වේ’ මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්තම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ යැ යි කියන ලදී.
විචාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවින් ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්‍යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එ තෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟ ;පන් වූ ශාස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් ආර්ය සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නීවරණය (සැකය) ප්‍රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබ ය.
මෙසේ විතර්කයෙන් ථිනමිද්ධය ද, විචාරයෙන් විචිකිච්ඡාව ද, ප්‍රීතියෙන් ව්‍යාපාදය ද, සුඛයෙන් උද්ධච්චකුක්කුච්චය ද, ඒකාග්‍රතායෙන් කාමච්ඡන්දය දැයි ධ්‍යානාංග පසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය සිදු වේ.
ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරැගත යුතු. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. පංච වශිතා යනු ආවජ්ජන,, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යනු වශිතා පස යි.
ආවර්නයට අනුව තමා කැමැති තැනෙක, කැමැති විටෙක රිසි ධ්‍යානාංග වලින් යුත් ධ්‍යානයකට සම වැදිය හැකි බව, කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වසිතා නමි.
වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වසිතා යි. තමා ගේ අධිෂ්ඨානය අනුව ක්‍ෂණයක් හෝ වැඩි වේලාවක් ධ්‍යානයෙහි සිටිය හැකි බැව් අධිෂ්ඨාන වාසිතාව යි.
කැමැති විටෙක සමාපත්තියෙන් නැගී සිටිය හැකි බව වුට්ඨාන වසිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධ්‍යානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීම පච්චවෙක්ඛණා වසිතාව යි.
සිය දහස් වර ප්‍රථම ධ්‍යානයට සම වදිමින් ඉන් නැගී සිටිමින් වසිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ.
විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව, එය කාමච්ඡන්දා දී නීවරණවලට කිට්ටු බව, එයට නො සම වැදී ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයන් නැගී සිටිය හැකි බව යනාදි දොස් පෙනෙයි. විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වුවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.
ද්විතීය ධ්‍යානය ද වසිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැයි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංක දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වහීතායෙන් පුරුදු කැරැගත් විට එහිදළ බව ඔහුට පෙනෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වසිතා පසින් තුන් වන ධ්‍යානය ද හුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි.
උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ ධ්‍යාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම් සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිව කන යන අභිඥා පස ලැබීමට, ඒවා ලබත හැකි ක්‍රියා මාර්ගයට බැස්ස හැකි ය. සිත තව දුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකි ය.
එහෙත් මේ රූප සමාපත්ති සතරත්, අරූප සමාපත්ති සතරත් යන අට ම ලෞකික, රූප ධ්‍යානවල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දී්ර්ඝ කාලයක් උන්නත් අන්තිමේ දී එයින්චුත ව මිනිස් ලොවට එන්නට සිදු වෙයි. ඍද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. එසේ උපන් අත්බව්හි පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩවිලකු ව උපදින්නට ද පුළුවන.
රූප ධ්‍යාන ලාභියාට වඩා අරූප ධ්‍යාන ලාභියාගේ ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූප ධ්‍යාන අරූප ධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත්, අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමා වූ කවර විටක වුව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකික ය.
මෙසේ මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නො මිදුණු , ජාති ජරාදි දුකින් නො මිදුණු ලෝකයෙන් ගොඩ නැඟෙන්නට, ලොකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.
අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්ත්වයට, මොන ම දුකකටවත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නො ව විපස්සනා භාවනාව වැඩීමෙනි.
ම් බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.
ආනාපාන සති විපස්සනාව
මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකි ය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකි ය.
ගණනා අනුබද්ධනා අවස්ථා :
කායෙසු කායඤ්ඤ තරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සසා - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම, පිට වන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපාන සති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනුනාම ධර්මයෙක් (චිත්ත චෛතසික) නො වේ. රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳ රැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැර රූප කලාපයෙන් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්ත ය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි ආපෝ තේජේ වායු වර්ණ ගන්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්ත ය.
පඨවි යනු තද ගති ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතිය ය. තේජෝ යනු ශීත ගුණයත්, උෂ්ණ ගුණයත් ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නො හැකි සේ එකට බැඳී පවතිත්, පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි.
හිරුරැස්, සඳරැස්, අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල් ය. රශ්මියක් ඇඟට වැදෙන විට ම දැනෙයි. අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙනනේ තද ගතිය යි. පසෙහි තද ගතිය ප්‍රධානය. වතුර යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛ යි. ගින්නෙහි ධාතු සතුර ම ඇතත් තේජෝ ධාතුව පුමුඛ යි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛ යි.
හුස්ම යනු ඉතා සියුම් වූ රූප කලාප (රූප මිටි) රාශින් ගේ පරම්පරාවකි. එහි විසිරිය නො දී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි. එහි කිසි විටෙක ශීතය ද, කිසි විටෙක උණුසුම ද ඇති වනුයේ තේජෝ ධාතුව නිසා ය. හුස්මෙහි චලනය සිදු වනුයේ එහි ඇති වායු ධාතුවෙනි. ඇතුළට ඇදෙන ද,, පිට වන ද හුස්මෙහි ප්‍රධානියා වායු ධාතුවයි. මෙසේ හුස්ම යනු පෘථිවි ආදි සතර ධාතුන්ගේ මිටි රැසෙකි. සිරුර පුරා ම ඇති නානාවිධ සියලු ම වාතයෝ සතර ධාතුන්ගෙන් සෑදුණු රූප කලාප සමූහයෝ ය.


හුස්ම නම් කිමෙක් දැයි පරීක්ෂා කොට විමැසීමේ දී ඒ පඨවි ආපෝ තේජෝ වායු යන එකට බැඳුණු සතර ධාතුන්ගෙන් යුත් රූප කලාප සමූහයෙක් යැයි විමැසුම් නුවණට හොඳට වැටෙහෙයි නම්, පෙනෙයි නම් ඒ යථාත්ත්වය දැකීම, දැනීම නම් වේ. හුස්ම නම් වූ විශේෂ දැයෙක් ඇතැයි කියා හෝ හුස්ම ගන්නෙක්, පිට කරන්නෙක් ඇතැයි කියා හෝ සිතයි නම්, පිළිගනි නම් ඒ දැක්ම, ඒ පිළිගැන්ම සත්කාය දෘෂ්ටිය යි.
එක ම හුස්මක් නාසයෙන් ඇතුල් ව කයට පිවිස නැවත පිට මේ යැ යි පෘථග්ජන ලෝකයා සිතයි. ඇති සැටිය විමැසීමේ දී එය වැරැදි බව දැනෙයි. හුස්ම යනු තනි එක් දැයෙකැ යි පිළිගැනීම සත්කාය දෘෂ්ටිය යි. හුස්ම යනු ධාතු රූප මිටි පරම්පරාවෙකි. එහි හැම ධාතු රූප මිටියෙක් ම ක්‍ෂණයක් සිට නිරුද්ධ වෙයි. එයින් ලැබුණ රැකුල ද ඇතිව ඊළඟට ඒ වර්ගයේ ම අන් රූප මිටි රැසෙක් ඇති වෙයි.
එය ද ක්‍ෂණයෙක් බිඳෙයි. එයට අනතුරුව තව රූප මිටි රැසෙක් ඇති වෙයි. මෙසේ ක්‍ෂණයක් පාසා හැඳෙමින් බිඳෙමින් දිගින් දිගට යන රූප මිටි සමූහයන්ගේ පරම්පරා මිස හුස්ම නමින් ගත යුතු තනි එක් දැයෙක් මෙහි නැත. පිට වනුයේ ඇතුල් වුන හුස්ම නොවේ’ එහි පරම්පරාවේ පිට වන ක්‍ෂණයේ ඇති වූ හුස්ම රූප මිටි රැසෙකි. ඒ සියල්ල ක්‍ෂණභංගුර ය. ක්‍ෂණයෙන් බිඳෙන්නේ ය.
‘මම හුස්ම ගනිමි හුස්ම පිට කරමි’ යනු ඒකාන්ත සත්‍යය නොවේ’ලෝක සම්මුතිය අනුව ලෝකව්‍යවහාරය අනුව කරන කථාවෙකි. රූප මිටි පරම්පරාවෙකි. ක්‍ෂණයක් පාසා හැදෙමින් දිගට ම ඇති වන රූප කලාප පරම්පරාවෙකි. රූප සන්තතියෙකි යනු ම ඇත්ත ය. හුස්ම ‘මම’ යැ යි ගැන්ම හුස්ම ආත්ම කොට ගැනීමයි. ‘මම හුස්ම ගනිමි. ගැන්ම මගේ’ යැයි සිතුවොත් හුස්ම ආත්මීය වශයෙන් වරදවා ගැන්මයි. ක්‍ෂණයක් පාසා නැගෙන බිඳෙන, ‘හුස්ම’ යන නමින් වැහැරැවෙන හැම රූප මිටියක් ම ක්‍ෂණයෙන් බිඳෙයි, ක්‍ෂණභංගුරයි, අනිත්‍යයි’ මෙසේ සැලකීම ගණනා අවස්ථාවෙහි හුස්ම අරමුණු කොට අනිත්‍ය සංඥාව වැඩීම යි.
හුස්ම නැමැති රූප මිටි පරම්පරාව කිමෙක, කුමක් ආධාර කොට ගෙන එසේ පවතී ද? යි බැලිය යුතු. එය රූප ශරීරය ආධාර කොට ගෙන පවතී යැයි පෙනෙයි. රූප ශරීරය කවර නම් දැයින් යුක්ත දැයි රූප ශරීරය කොටස් කොට විමැසිය යුතු. රූප ශරීරය යනු කෙස්, ලොම්, නිය, දත් ආදි කුණු කොටස් තිස් දෙකක එකතුව මිස අනෙකක් නොවේ. කෙසේ නම් කවරේ ද? එය ද පඨවි ආදි සතර මහා භූ®තයන් ම වූ රූප කලාව මහ රැසෙකි.
එහි ද ක්‍ෂණයක් පාසා හැම රූප මිටියෙක් ම බිඳෙයි. ලොම් ද මහා භූතමය වූ රූප කලාප රැසෙකි. ඒ හැම රූප කලාපයෙක් ක්‍ෂණයෙන් බිඳේ. එය අනුව තව එකෙක් ඇති වේ. මේ සියල්ල කර්ම, චිත්ත, ඍතු ආහාර යන සතර හේතූන් ගෙන් ඇති වන දෑ ය. මෙසේ කේසාදි වූ කුණප කොටස් දෙතිසක් ම වූ ශරීරය ක්‍ෂණයක් පාසා හැදෙමින් බිඳෙමින් ගලන ගඟක් මෙන් දිගින් දිගට පවත්නා රූප පරම්පරා රැසෙකි.
අනුබද්ධනා අවස්ථායෙහි ද ඇතුල් වන පිට වන හුස්ම ද ඉහත ගණනා අවස්ථාවෙහි කී පරිදි ම හැදි හැදි බිඳි බිඳි දිගින් දිගට යන රූප කලාප පරම්පරාවෙකි.
ආශ්වාස ප්‍රශ්වාසයෙහි දී නාසය අගැ හෝ උඩු තොලෙහි හුස්ම හැපීමේ දී ඇති වන විඳීම (වේදනාව) නුවණින් බැලිය යුතු. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකට ආධාර වූ කේශලෝමාදිමය වූ ඉතිරි මුළු ශරීරයේ ද කිසි තැනෙක කිසිවක් හැපීමේ දී ඇතිවන වේදනාව ද ඒ හැපීම නිසා ඇති වන ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයෙකි.
එය ද හැම විට ම එකක් ම නොවේ. ඒ ඒ ක්‍ෂණයෙහි ඇති වෙවී නැති වෙයි. කිසි විටක සුඛ වේදනාව ද, කිසි විටෙක දුක් වේදනාව ද, කිසි විටෙක උපේක්ෂා වේදනාව ද ඇති වේ. මෙසේ ගණනා අනුබද්ධනා අවස්ථා දෙක්හි ඇති වන වේදනාව නුවණින් බැලීම වේදනානුපස්සනාව ය.
ඊළඟට ගණනා අනුබන්ධනා දෙක්හිම ‘මම හුස්ම ගනිමි’ යි හෝ ‘මම දික් හුස්මක් ගනිමි’ යි නැතහොත් ‘කොට හුස්මක් ගනිමි’යි ආදීන් සිත් ඇතිවේ. ඒ ඒ අවස්ථාවෙහි චිත්ත වීථියක් ඇති වේ. එක් රූප ක්‍ෂණයක් ඇතුළත චිත්තක්‍ෂණ 17 ඇති ව නැති වෙයි.
ඒ සිත් සරාග ද, වීතරාග ද යනාදීන් සැලැකීම චිත්තානුපස්සනායි. මේ උඩකී හැම අවස්ථාහිම ඇති ව නැති වන රූප ක්‍ෂණයෙන් බිඳී යන බැවින් අනිත්‍ය යැයි ද, වේදනා සියල්ල ද ක්‍ෂණභංගුර බැවින් අනිත්‍ය යැයි ද, ඒ අවස්ථාවෙහි ඇති වන සියලු සිත් ද ක්‍ෂණයෙන් බිෙඳන බැවින් අනිත්‍යයැ යි ද, එහෙයින් ම දුක් යැයි අනාත්ම යැයි ද ඒවා අනිත්‍යාදි වශයෙන් බැලීම ධම්මානුපස්සනායි.
ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තබන උපචාර අර්පණා (ප්‍රථමාදිධ්‍යාන) අවස්ථාවල දී ඒ සමාධියෙන් නැගී සිට සමවන් අවස්ථාව පිරික්ෂා බලමින් විපස්සනාව වැඩිය හැකියි.
සමාධියෙන් නැගී සිට ධ්‍යානාංගයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කළ යුතු ය. ඒ මගින් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුන ම වැඩිය හැකි ය.
මෙහි දී බෝඞ්‍යංගයන් වැඩෙන හැටි සැකෙවින් දැක වේ. ආනාපාන සතිය පටන්ගත් තැත් සිට ම සතිය (එළඹැවූ සිහිය) හැම මොහොතෙහි ම වඩ වඩා බලවත් වේ. ඒ සතිසම්බොජ්ඣංගය වැඩීමයි. එසේ ම ආශ්වාසාදින් නුවණින් පිරික්ෂා බැලීම ද ක්‍රමයෙන් වැඩේ. මේ ධම්මවිචය සම්බෝජ්ක්‍ඣංගයයි.
මුල සිට ම යෝගියා ගේ භාවනාවෙහි උත්සාහය වැඩේ. ඒ වීරිය සම්බොජ්ඣංගය වැඩීම යි.
ධ්‍යාන අවස්ථාවට භාවනාව දියුණු වූ පසු උපචාර ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන දෙක්හි දී ප්‍රීතිය බලවත් ව ඇති වේ. ඒ පීති සම්බොජ්ඣංගය යි.
පස්සද්ධිය නිසා සමාධිය වැඩේ. මේ සමාධි සම්බොජ්ක්‍ධංගය යි’ හුස්ම ගැනීමේදීත්, පිට කිරීමේදීත් චිත්ත චෛතසිකයෝ ඒ ඒ ක්‍ෂණයෙහි හුස්ම අරමුණු කෙරෙමින් නැගි නැගී බිඳීයෙත්. එහි ‘මම හුස්ම ගනිමි යි, පිට කරමි යි සිතීමක් මිස ‘මම’ යැයි වෙන්කෛාට ගත යුතු නො නැසී රැඳී සිටිනා කිසි දැයෙක් නැත. එය විමසනුයෙහි දී ඇති වන සතිය වීරිය ඤාණ යන ධර්මයෝ ද ක්‍ෂණික ව ඇති ව නැති ව යන චෛතසිකයෝ ය. මෙය මෙසේ දැකීම දිටඨී විසුද්ධිය ය. මේ චිත්ත චෛතසික රූප කෙසේ ඇති වේද? යි විමසීමේ දී පටිච්චසමුප්පාද ධර්ම ක්‍රමය සිතට පැහැදිලි වේ.
එයින් ශාශ්වත උචෙඡද දෘෂ්ටි ද සජීවාජීව සියල්ල දෙවියකු ගේ හෝ බඹකු ගේ නිර්මාණයෙකැයි යන දෘෂ්ටිය ද සියල්ල පෙර අත්බව්හි කළ දෑවල ම විපාක යැ යි යන පුබ්බේකන හේතුවාද දෘෂ්ටිය ද සියල්ල අධිච්ඡ සමුප්පන්නව (යදෘච්ඡා සමුත්පන්නව), හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ඉබේ හටගනිතැයි යන දෘෂ්ටිය ද යන මිථ්‍යා දෘෂ්ටි තුන දුරු වේ. අතීත තුන් කල්හි පැවැත්ම පිළිබඳ සැකය දුරු වේ. හෙවත් කංඛා විතරණ විශුද්ධිය ඇති වේ.
මෙයට පසු සංස්කාරයන් හෙවත් නාම රූප ධර්මයන් නානා සැටියෙන් පිරික්සා බලන යෝගියාට ඔහුගේ භාවනාමය පිරිසිදු සිතින් කය පුරා හට ගෙන පැතිරෙන චිත්තජ රූපකලාපයන් නිසා සිරුරෙන් එළිය විහිදෙන්නට වෙයි. සිතෙහි බලවත් ප්‍රීතිය නැඟෙතයි. සිතකය දෙකේ මහත් සංසිඳුණුබවෙක් දැනෙයි. බලවත් ශ්‍රද්ධාව ඇති වෙයි. බලවත් වීර්යයක් ඇති වෙයි. මහත් සුව පහසුවෙන් දැනෙයි.
නුවණ තියුණු වෙයි. ස්මෘති ශක්තිය ද ප්‍රබල වෙයි. තත්‍රමධ්‍යස්ථතා උපේක්ෂා ගුණය බලවත් ව නැගෙයි. ලබා ඇති දෑ කෙරෙහි බලවත් ව ඇලෙයි. සමහර යෝගියෙක් ‘මගේ විපස්සනා වැඩීම සමෘද්ධි වී යැයි. මම රහත් බව ලදිමි’ යි එයින් රැවැටෙයි. ‘කළ යුතු දෑ කොට නිම කෙළෙමි’යි විපස්සනා වැඩීම නවත්තයි. එයින් රහත් වූ යෙකිමි යි අධිමානයෙන් යුක්ත ව පෘථග්ජනාවස්ථයෙහි ම රැඳී හිඳී.
එහෙත් ආචාර්යය ආග්‍රය ලබමින් භවනා කරන යෝගියා මේ ඇති ආලෝකාදි දශය උපක්ලේශයෝ සි තේරුම් ගෙන ඒවා කෙරෙහි ඇල්ම හැර දමා යළිත් පළමු සේ ම නාම රූපයන් විවිධාකාරයෙන් බලමින් අනිත්‍ය දුඞඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ දැනීම වඩයි.
ආලෝක ප්‍රීති ආදි දශ උපක්ලේශයන් හැඳින ගෙන මේ නො ම¼ඟ යැ යි දැන නාම රූපයන් නානා නයින් තිලකුණට නගා විදර්ශනා ඥානය වැඩීමට බට අවස්ථාව මාර්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධි අවස්ථාවයි.
නාම රූපයන් තිලකුණට නඟා විදසුන් වඩන යෝගියාට නාම රූපයන් ක්‍ෂණයක් පාසා ඉපැදීමත්, නැසී යෑමත් ඉතා ප්‍රකටව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ උදයව්‍යයඥානය පහළ වීම යි.
නාම රූපයන්ගේ හටගැන්මත්, නැසීමත් නැවැත නැවැත විමැසුම් නුවණින් බලන යෝගියාට ඒ සියලු සංස්කාරයන්ගේ ක්‍ෂණික භංගය ක්‍ෂණික මරණය ඉතා බලවත් ව දැනෙන්නට, පෙනෙන්නට වෙයි. මේ භංග ඥානය පහළ වීම යි.
භංග ඥානය අනුව සංස්කාරයන් ගේ සැටි බලන යෝගියාට සියලු සංස්කාරයන් සියලු නාම රූපයන්, මරණය නම් දැයෙකින් ඇති වූවන්සෙයින් නාම රූපයන් ගේ ක්‍ෂණභංගුරත්වය ඉතා ප්‍රකට ව වැටහෙන්නට වීමෙන් ‘තමාය ආත්මභාවය’ යන නම් වලින් වැහැරැවෙන මේ නාම රූප වැල මහත් හයක්වැ, උවදුරක් වැ පෙනේනනට වෙයි. ලැව් ගින්නකට හසු වූවකුට සෙයින් මහත් බියක් ඇති වෙයි. මේ භය ඥානය යි.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.


නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ හෙවත් ආදීනව ඥානය පහළ වේ.
නාම රූපයන් ගේ ආදීනව (දෝෂ) යළි යළි විමසා බලන ඔහුට නාම රූපයන්කෙරේ බලවත් කල කිරීම ඇති වේ’ හෙවත් නිබ්බිදා ඥානය පහළ වේ.
මෙසේ සංස්කාරයන් කෙරෙහි කල කිරුණු යෝගියාට මෙයින් මිදී ගනිමියි, අසංඛත ඡාතුවෙහි පිහිටමි’යි යන දැනීම ඇති වේ. හෙවත් මුංචිතු කම්‍යතා ර්‍ථනය පහළ වේ.
මිදීමට කැමැත්ත ඒ සංස්කාරයන් ගේ තත්ත්වය තව තවත්, කලින් බැලුවාටත් වඩා විවිධ ආකාරවලින් පිරික්සන්නට වෙයි. එයින් පෙරටත් වඩා ත්‍රි ලක්ෂණ ප්‍රකට ව දකී. හෙවත් ඔහු තුළ පටිසංඛානුපස්සනාා ඥානය පහළ වේ.
ළඟට මෙතෙක් දුරට වැඩූ විපස්සනාවේ මුදුන් පත් අවස්ථාව ඇති වේ. මධ්‍යස්ථ වශයෙන් සංස්කාරයන් පිරික්සා බලන යෝගියා විපස්සනාවේ කෙලවරට පත් වේ. පෘථග්ජන අවස්ථාවෙන් ගොඩ නැගී ලෝකෝත්තර තත්ත්වයට ළං වන අවස්ථාවට පැමිණේ. ගොඩ සිට නැවකට නගින්නා ගොඩ එක් පයක් ද, අනිත් පය නැවේ ද තබයි. එමෙන් ම මෙතෙක් දුරට වැඩූ විදර්ශනා ඥානයට අනුකූල වූ ද, ඉදිරියේ ලබන මාර්ග ඥානටයත් අනුකූල වූ නුවණෙක් පහළ වෙයි. එය අනුලෝම ඥාන, සංඛාරුපෙක්ඛා විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යන නම් වලින් ද හැඳීන්වෙයි.
උදයව්‍යය ඥානය පටන් කොට අනුලෝම ඥානය අවසන් කොට ඇති වන මේ නව මහා විදර්ශනා ඥානයෝ පටිපදා ඤාණ විසුද්ධි නමින් හැඳින්වෙත්.
අනුලෝම ඥානයට අනන්තර ව (එය ළඟට ම අතරක් නැති ව) ලෞකික ගෝත්‍රය (අවස්ථාව) ඉක්මැ ලෝකෝත්තර අවස්ථාවට සිත් පරම්පරාවේ නැගීම සිදු කිරීම් වශයෙන් ඒ තාක් ම අරමුණු කළ සංස්කාරයන් අත්හැර එකෙණෙහි ප්‍රකට වූ නිර්වාණ අරමුණෙහි එල්බෙමින් ගෝත්‍රභූ ඥනය පහළ වේ. ඊළඟට ම ඒ නිවන් අරමුණේ ම එල්බ සෝතාපත්ති මග්ග ඤාණ සිත ඇති වේ. සංස්කාරයන්ගේ දුඞඛ ස්වභාවය තතු සේ දැකීම.
සමුදය ප්‍රහාණය හෙවත් අවිද්‍යාතෘෂ්ණා දෙකේ අවයව වූ සක්කාය දිට්ඨි සිලබ්බත පරාමාස විචිකිච්ඡා යන කෙලෙසුන් මුල් සුන් කිරීම හා ඉතිරි කෙලෙසුන් දුබල කිරීම, නිරෝධය ප්‍රති්‍යක්ෂ කිරීම හෙවත් නිවන දැකීම, මාර්ගය වැඩීම (සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අට මුහුකුරා එක ම සිතේ පහළවීම) යන සතර කෘත්‍යය මේ පළමු වන මාර්. (ලෝකෝත්තර) කුසල් සිතින් සිදු කැරෙයි. සක්කාය දිට්ඨි ආදි කෙලෙසුන් මුලින් ම නැසී යන්නා හා ම කාමච්ඡන්දා දී නීවරණ පස මෙහි දී විෂ්තම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ.
එ බැවින් වෙන ම ධ්‍යාන වැඩුවත් නොවැඩුවත් මේ සෝතාපත්ති මාර්ග සිත ප්‍රථමධ්‍යානයෙන් යුක්ත ම වේ’ මෙය විතක්කවිචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයෙන් යුත් සොතාපත්ති මග්ග චිත්ත යැ යි කියනු ලැබේ. මාර්ග සිත ක්‍ෂණයෙන් නිරුද්ධ ව එයට අනතුරුව එයට සමාන අංගවලින් ම යුත් සොතාපත්ති ඵල සිත දෙවරක් හෝ තුන්වරක් පහළ ව නිරුද්ධ වේ. එයින් කැරෙනුයේ මාර්ග සිත විසින් නසා දමන ලද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන කෙලෙසුන් නිසා සසර දී දිගට ම ඇති වෙවී ආ කෙලෙස් විඩාව සංසිඳී යෑම භ. මේ සෝවාන් වීමට දහම් ඇස (ධම්මචක්ඛු) පහළ වීම, නිවන් දැකීම යැයි බැවහර වේ.
තව ඉදිරියට යනු කැමැති යෝගියා යළිත් පළමු සේ ම නාමරූප විදර්ශනාව වඩයි. එය මුහු කළ විට පළමු සේ ම නව මහා විදර්ශනා ඡානයන් පළමු වාරයට වඩා බලවත් ව වැඩී ගොස් ඉතිරි කෙලෙස්වල ශක්තිය හීන කරමින් දෙවෙනි මාර්ග සිත හෙවත් සකෘදාගාමී මාර්ග සිතත්, ඊළ¼ඟට ම එලසිතත් දෙවරක් හෝ තුන්වරක් පහළ වේ.
මේ දෙවෙනි මාර්ග සිතට සකදාගාමී (සකෘදාගාමී) මග්ග චිත්තය යි ද, ඵල සිතට සකෘදාගාමී ඵල චින්ත යැ යි ද කියනු ලැබේ.
සකදාගාමී (සකෘදාගාමී) යන්නෙහි අර්ථය තව එක් වරක් එන තැනැත්තා හෙවත් කාමභවයෙහි එක් වරක් පමණක් උපදින තැනැත්තා යනු යි. ඔහු තුළ කාමභවය කෙරෙහි තුනී වූ ඇල්ම ඉතිරි බැවින් මෙය සිදුවේ.
යෝගියා තව දුරටත් පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඒවා මුහුකුරා යෑමෙන් අනාගාමි වේ. අනාගාමී මාර්. සිතත්, එය ළ¼ඟට ම පිළිවෙලින් එහි ඵල සිත් දෙකෙක් හෝ තුනෙක් පහළ වේ. අනාගාමී මාර්ග සිත පහළවීමෙන් කාමරාග, ව්‍යාපාද දෙක වැනසෙහි. එහි ඵල සිතින් එකී කෙලෙස් නිසා එතෙක් පැවැති විඩාව දුරු ව සිතට මහත් පහසුව ලැබේ. අනාගාමී යන්නෙහි අර්ථය ආයෙත් මෙහාට (මේ කාමභාවයටත්, පහත් රූප ලෝකවලටත්) උත්පත්ති වශයෙන් නො එන තැනැත්තා යනු යි. විපස්සනා වැඩීම එතෙකින් නවතා සිටියොත් හේ මරණින් මතු ශුද්ධාවාස බඹලොවෙක උපදී. එහි දී විදසුන් වඩා රහත් වෙයි.
ඉදින් හේ මතු භවයට කල් නො දමා පළමු සේ ම යළිත් නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඉතිරි කෙලෙස් හෙවත් රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන සංයෝජන පස ම මුලිනුදුරා දමා රහත් වෙයි. රහත් මග සිත පහළ ව කෙලෙස් මුලිනුදුරාලීමට අනතුරුව ඒ උදුරා ලු සියලු කෙලෙසුන් නිසා එතෙක් පැවැති කෙලෙස් විඩාව දුරු කොට මහත් ම පහසු ව උදා කෙරෙමින් රහත් ඵල දෙකක් හෝ තුනක් පහළ ව නිරුද්ධ වේ.
මේ පරම පවිත්‍රතාවට පත් අග්‍රම ඵලය ලැබූ පුද්ගලයා රහතුන් වහන්සේ නමින් හැඳින්වේ. උන් වහන්සේ ලබා ඇති ස්කන්ධ පසින් යුක්තව ඉන්නා තාක් විටින් විට නිවන සිතින් අරමුණු කොට එහි සිත පිහිටුවා ගෙන එයින් ලැබෙන ශාන්ත සුවය විඳින සේක. මෙය විමුක්ති සැප විඳීම නමින් හැඳින්වේ. ස්කන්ධ පරිනිර්වාණයට පෙර උන්වහන්සේ අරමුණු කරන සිත පිහිටුවා තබන ඒ නිර්වාණ ධාතුව සඋපාදිශේෂ නිර්වාණ නමින් හැඳින්වේ.
මේ සතර මාර්ග ඥාන ලැබීමෙන් වන පිරිසිදු බව ඥාන දර්ශන විශුද්ධි නම් වේ. විශේෂයෙන් ධ්‍යානයක් නො වඩා විදර්ශනාව වඩා සෝවාන් වූ තැනැත්තාට ;සීවාන්වීමේ දී ම ස්වභාවයෙන් ප්‍රථම ධ්‍යානය ඇති වේ යැයි යට කියන ලදී. ඒ තැනැත්තා සකෘදාගාමී අර්හත් යන සතර අවස්ථාවට පත් වීමේදීත් ඒ සියලු මාර්ගඵල සිත් ප්‍රථම ධ්‍යාන සහගත වේ යැයි දත යුතු. සෝවාන් වූ පසු සමහරු ඉතිරි ධ්‍යාන වඩාත්, ඒ අයගේ මාර්ග සිත්, ඵල සිත් ඒ ලබා ගත් ධ්‍යානයෙන් යුක්ත වේ.
ශීලයෙහි පිහිටා ආනාපාන සතිය වැඩූ තැනැත්තා මෙහි කී පරිදි ආනාපාන ශමථය වඩා ලෞකික ධ්‍යාන ලබා විෂ්කම්බන ප්‍රහාණයෙන් චිත්ත ශමථය ද, විදර්ශනාව වඩා මාර්ග ඵල ලැබීමෙන් කෙලෙසුනුත්, කෙලෙස් විඩාවත් සහමුලින් නිසා පරම විශුද්ධියට පරම ශාන්තිය ලැබීමට, නිවන් සුව අත්පත් කිරීමට සමත් වෙයි.

 බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි

උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
වැඩිවිස්තර
      edit