Thursday, June 12, 2014

Published 8:08 AM by Indika Marasinghe with 0 comment

ලොව්තුරු සුව දෙන දම් ගුණ අසිරිය


01.ස්වක්ඛාත ගුණය
බුදු රජාණන්වහන්සේගේ  ශ්‍රි සද්ධර්මය මුල මැද අග පිරිසිදු ලෙස පැහැදිලි වචන සහිතව පිවිතුරු අර්ථ සහිතව මනා කොට දේශනා කරන ලද්දේය.

02.සන්දිට්ඨික ගුණය.
ඒ  ශ්‍රි සද්ධර්මය මේ ජිවිතයේදීම අවබෝධ කල හැකි ධර්මයක් වන්නේය.

03.අකාලික ගුණය.
මේ ධර්මය කාලයෙන් කාලයට වෙනස් නොවන සදාකාලික සත්තයක්  වන්නේය.

04.ඒහිපස්සික ගුණය.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය  හිරු මඩල දක්වන්නා සේ "එන්න ඇවිත් බලන්නැ’යි" හඩ නගා පෙන්වා දිය හැකි වන්නේය.

05.ඕපනයික ගුණය.
ඒ ශ්‍රි සද්ධර්මය තමාගේ ජීවිතයට පුරුදු කර ගෙන තමා තුලින්ම අත්දැකිය යුතු වන්නේය.

06.පච්චත්තන් වේදිතබ්බ විඤ්ඞ්හි ගුණය.
මේ ධර්මය ප්‍රඥාවන්තයින් හට තම තම නැණ පමණින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ හැකි වන්නේය.


මෙහි PDF ගොනුව බාගත කරගන්න.




      edit

0 comments:

Post a Comment