Wednesday, June 11, 2014

Published 10:32 PM by Indika Marasinghe with 0 comment

නව අරහාදී බුදූගුණ



01අරහං බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, සියළු කෙලෙසුන් කෙරෙන් දූරු වු හෙයින්, අරහං නම් වන සේක. සියළු කෙලෙස් ධර්මයන් ප්‍රහීණ කළ හෙයින්, අරහං නම් වන සේක. සසර ගමන නතර කළ හෙයින්, අරහං නම් වන සේක.සියළු ආමිස පුජාවන්ට ප්‍රතිපත්ති පුජාවන්ට සුදූුසු වු හෙයින්, අරහං නම් වන සේක. රහසින්වත් පව් නොකළ හෙයින්, අරහං නම් වන සේක.

02.සම්මා සම්බුද්ධ බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, සියළු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේම අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක. දූක්ඛ සත්‍යය පිරිසිඳ දත් හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.සමුදය සත්‍යය ප්‍රහාණය කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩූ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක. සංඛාර,විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංච විධ ඥෙය්‍ය මණ්ඩලය, පරෝපදේශ රහිතව තමන්  වහන්සේම අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

03.විජ්ජා චරණ සම්පන්න බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, පුබ්බේනිවේසයානුස්සති ඥාණයෙන් යුක්ත වු සේක. දිබ්බචක්ඛු ඥාණයෙන් යුක්ත වුසේක. ආසවක්ඛය ඥාණයෙන් යුක්ත වුසේක. විදර්ශනා ඥාණයෙන් යුක්ත වු සේක. මනෝමය ඍද්ධි ඥාණයෙන් යුක්ත වුසේක. ඍද්ධිවිධ ඥාණයෙන් යුක්ත වු සේක. දිව්‍යශෝත්‍ර ඥාණයෙන් යුක්ත වු සේක. පරචිත්ත විජාණන ඥාණයෙන් යුක්ත වු සේක. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්ත වු සේක. ඉන්ද්‍රිය සංවර ශීලයෙන් යුක්ත වු සේක. භෝජනයෙහි මාත්‍රඥතායෙන් යුක්ත වු සේක. ජාගරියානුයෝගයෙන් යුක්ත වු සේක. ශ්‍රද්ධාවෙන් යුක්ත වු සේක. හිරියෙන් යුක්ත වු සේක. ඕතප්පයෙන් යුක්ත වුසේක. බහුශ්‍රැත භාවයෙන් යුක්ත වු සේක. වීර්යයෙන් යුක්ත වුසේක. ස්මෘතියෙන් යුක්ත වුසේක. ප්‍රඥාවෙන් යුක්ත වු සේක. ප්‍රථම ධ්‍යානයෙන් යුක්ත වුසේක. ද්විතීය ධ්‍යානයෙන් යුක්ත වුසේක. තෘතීය ධ්‍යානයෙන් යුක්ත වු සේක. චතුර්ථ ධ්‍යානයෙන් යුක්ත වුසේක. මෙසේ අප තථාගත සම්මා සම්බුදූරජාණන්වහන්සේ, ති්‍රවිද්‍යා, අෂ්ඨ විද්‍යා,පසලොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වු හෙයින්, විජ්ජා චරණ සම්පන්න නම් වන සේක.

04.සුගත බුදූගුණය
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, ශෝභන වු  රූප කාය සම්පත්තියක් ඇති හෙයින්, සුගත නම් වන සේක.සුන්දර වු වචන ඇති හෙයින්,සුගත නම් වන සේක. ආර්ය මාර්ග සංඛ්‍යාත ශෝභන වු ගමන් ඇති හෙයින්, සුගත නම් වන සේක.සුන්දර වූ ප්‍රතිපත්ති ඇති හෙයින්, සුගත නම් වන සේක. සුන්දර වූ නිර්වාණය කරා ගමන් කළ හෙයින්, සුගත නම් වන සේක.

05.ලෝකවිදු  බුදූගුණය
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය, චතුසත්‍යය වශයෙන් දැන වදාළ හෙයින්, ලෝකවිදු නම් වන සේක.අවකාශ ලෝකය,චතුසත්‍යය වශයෙන් දැන වදාළ හෙයින්, ලෝකවිදු නම් වන සේක. සංස්කාර ලෝකය, චතුසත්‍යය වශයෙන් දැන වදාළ හෙයින්, ලෝකවිදු  නම් වන සේක. මෙසේ සියලු ලෝක, තත්වූ පරිදි සර්වාකාරයෙන් දැන වදාළ හෙයින්, ලෝකවිදු නම් වන සේක

06.අනුත්තරෝ පුරිසදම්ම සාරඨි  බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, සීල ස්කන්ධයෙන් දෙවි මිනිසුන්ට වැඩි හෙයින්, අනුත්තරෝ  පුරිසදම්ම සාරඨි නම් වන සේක. සමාධි ස්කන්ධයෙන් වැඩි හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරඨි නම් වන සේක.ප්‍රඥා ස්කන්ධයෙන් වැඩි හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරඨි නම් වන සේක.විමුක්ති ස්කන්ධයෙන් වැඩි හෙයින්, අනුත්තරෝ  පුරිසදම්ම සාරඨි නම් වන සේක. විමුක්තිඥාණ දර්ශන ස්කන්ධයෙන් වැඩි හෙයින් අනුත්තරෝ පුරිසදම්ම සාරඨි නම් වන සේක. දමනය කළ යුතු දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, යක්ෂ, රාක්ෂ, තිරිසන් ආදී සත්ත්වයන් දමනය කළ හෙයින්, අනුත්තරෝ පුරිසදම්ම සාරඨි නම් වන සේක.

07.සත්ථා දේව මනුස්සානං බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, සියලු දෙවි මිනිසුන්ට අනුශාසනා කරන හෙයින්, සත්ථා දේව මනුස්සානං නම් වන සේක.

08.බුද්ධ බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ, දූක්ඛ සත්‍යය අවබෝධ කොට අන් අයටද අවබෝධ කරවූ  හෙයින්, බුද්ධ නම් වන සේක. සමුදය සත්‍යය අවබෝධ කොට අන් අයටද අවබෝධ කරවූ හෙයින්, බුද්ධ නම් වන සේක. නිරෝධ සත්‍යය අවබෝධ කොට අන් අයටද අවබෝධ කරවූ හෙයින්, බුද්ධ නම් වන සේක. මාර්ග සත්‍යය අවබෝධ කොට අන් අයටද අවබෝධ කරවූ හෙයින්, බුද්ධ නම් වන සේක. දුක්ඛ,සමුදය,නිරෝධ, මාර්ග, යන චතූ ආර්‍ය  සත්‍ය අවබෝධ කොට අන්අයටද අවබෝධ කරවුහෙයින්, බුද්ධ නම් වන සේක.

09.භගවා බුදූගුණය.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ පුණ්‍ය භාවයෙන්  මහත්වූ හෙයින්, භගවා නම් වන සේක. ප්‍රඥාවෙන් මහත් වූ හෙයින්, භගවා නම් වන සේක. යසයෙන් මහත් වූ හෙයින්, භගවා නම් වන සේක.ඍද්ධියෙන් මහත් වූ හෙයින්, භගවා නම් වන සේක. රාගය නැසූ හෙයින්, භගවා නම් වන සේක. ද්වේශය නැසූ හෙයින්, භගවා නම් වන සේක. මෝහය නැසූ හෙයින්, භගවා නම් වන සේක. ශාන්ත වූ නිවන් සුවය සාක්ෂාත් කළ හෙයින්, භගවා නම් වන සේක.
අප තථාගත සම්මා සම්බුදූරජාණන් වහන්සේ"
- අරහං නම් වන සේක.
- සම්මා සම්බුද්ධ නම් වන සේක.
- විජ්ජා චරණ සම්පන්න නම් වන සේක.
- සුගත නම් වන සේක.
- ලෝකවිදූ නම් වන සේක.
- අනුත්තරෝ පුරිසදම්ම සාරඨි  නම් වන සේක.
- සත්ථා දේව මනුස්සානං නම් වන සේක.
- බුද්ධ නම් වන සේක.
- භගවා නම් වන සේක.
මෙසේ අප සම්මා සම්බුදූරජාණන් වහන්සේ, නව අරහාදී බුදූගුණයන්ගෙන් සමන්විත වන සේක.නව අරහාදී වූ බුදූගුණ බලයෙන්,
සුවපත්වෙත්වා,
සුවපත්වෙත්වා,
සුවපත්වෙත්වා   සාදූ සාදූ සාදූ........................



මෙහි PDF ගොනුව බාගත කරගන්න.






























































































































































































      edit

0 comments:

Post a Comment